මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදෙස් ශ්‍රමිකයින්ට ගුවන්තොටුපොලේදී ලබාදෙන තීරුබදු සහනය මැයි පළමුවැනිදා සිට ඉහළට

    අප්‍රේල් 27, 2023

    විදේශගත ශ්‍රමිකයින්ට ගුවන්තොටුපොලේදී ලබාදෙන තීරුබදු සහනය මැයි පළමුවැනිදා සිට ඉහළ නංවන බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපර්තමෙන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.


    ලෝකයේ ශ්‍රම වෙළඳපොළට මෙරට ශ්‍රමිකයින් යැවීම සහ විදෙස් මුදල් නිවැරදි ක්‍රමයට මෙරටට ගෙන්වා ගැනීම ආදී කටයුතු සඳහා පසුගිය කාලවකවානුව තුළ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළ බව අමාත්‍යවරයා පැවසීය. තීරුබදු සහනය මැයි පළවෙනි දින සිට ලබා දීම ද එහි එක් ව්‍යාපෘතියක් වන බවත්, ඊට අදාළ චක්‍රලේඛය ඊයේ (27) නිකුත් කරනු ලැබූ බවත් හෙතෙම පැවසීය.
    එමෙන්ම, විදේශ ගත ශ්‍රමිකයින්ට විදේශගත ව සිටින අතරතුර ලංකාවේ මිලියන දෙකක් දක්වා ණය මුදල් ලබා ගෙන නිවාස හෝ වෙනත් යම් කර්තව්‍යක් ඉටුකරගැනීමට අවස්ථාව සලසා දෙමින් පසුගිය සතියේ දී කැබිනට් අනුමැතිය ලබා දුන් බවත් මනුෂ අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය.
    තවද, එම කැබිනට් පත්‍රිකාව හරහා විදේශගතව සිට මෙරට පැමිණ සිටින විදේශ ගත ශ්‍රමිකයින්ට ද මෙම ණය පහසුකම ලබා දී ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු ඉටු කිරීමට සලසා දෙන ලෙස ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යවරයා වශයෙන් උපදෙස් ලබා දී ඇති බව ද හෙතෙම මෙහි දී වැඩිදුරටත් පැවසීය.
    ඇතැම් සංවිධානාත්මක දේශපාලන කණ්ඩායම් විසින් පසුගිය කාල වකවානුව තුළ මෙරටට මුදල් එවන්න එපා යනුවෙන් පවසද්දීත්, ඇතැමුන් උණ්ඩියල් සහ හවාලා ක්‍රමවේද ඔස්සේ මුදල් එවද්දීත් මෙරට මිනිසුන්ගේ දුක තේරුම්ගත් විදේශ ශ්‍රමිකයින් ඔවුන්ගේ මුදල් නැවත මෙරටට නිවැරදි මාර්ගයෙන් එවීමට කටයුතු කරනු ලැබූ බව අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේයනිවැරදි මාර්ගයෙන් මුදල් එවන පුද්ගලයින්ට මෙය විශාල සහනයක් බවට පත් වන අතර නොයෙක් නොයෙක් ක්‍රමවේද හරහා මෙරටට මුදල් එවීමට කටයුතු කරනු ලැබූ බවට අමාත්‍යවරයා විසින් මෙහි දී සඳහන් කරන ලදී.
    එක්තරා විටෙක රට විරුවන් බවට පත් වන විදේශගත ශ්‍රමිකයින් කොරෝනා සමයේ දී පිටරට සිට පැමිණෙන මිනිස් බෝම්බ බවට පත්ව, ඔවුන්ගේ නිරෝධායන කටයුතු වලට ද ඇතැම් බාධාවන් සිදු ව යම් දුක් කරදර බාධක ඇති වූ අනිසි අවස්ථාවන්ද පසුගිය සමයේ දී දක්නට ලැබුණ නමුත් නව රජයක බලාපොරොත්තු සහ විස්වාස සියල්ල සමඟ නැවත මෙරට විදේශ ප්‍රේෂණ වැඩිකර ගැනීමට හැකියාවක් ලැබුණ බව ද හෙතෙම මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya