මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂඥ වෛද්‍යවරු රට හැර යාම සම්බන්ධයෙන් අවශ්‍ය පිළියම් යොදනවා

    අප්‍රේල් 27, 2023

    විශේෂඥ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ අය විදේශ ගතවීම සම්බන්ධයෙන් වෙනම කමිටුවක් පත් කරන බවත් ඊට අවශ්‍ය පිළියම් යෙදීමට රජය කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (27)පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    අද පාර්ලිමේන්තුවේදී අසන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ පසුගිය සමයේ යම් යම් වෘත්තියවේදින් විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍යවරු රට හැර යාමේ ප්‍රවණතාවයක් තිබූ බවයි. වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,
    විශ්‍රාම ගැන්වීම ජාතික ප්‍රතිපත්තියක්. ඒ ජාතික ප්‍රතිපත්තියට අභියෝග කරලා මේ වෙලාවේ අධිකරණයේ නඩුවක් යනවා. අතුරු තහනමක් දුන්නා. දැන් ඒ අතුරු තහනම ඉවත් කරලා තිබෙනවා. එම නිසා එම කාලය තුළ විශ්‍රාම යන අයට යන්න වෙනවා. නමුත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සමග සාකච්ඡා කර වසර 02ක කාලයක් සඳහා කොන්ත්‍රාත් පදනම මත සේවය කිරීමේ අවස්ථාව ලබා දී තිබෙනවා.
    2018 වසරේ දී වයස අවුරුදු 60ට 63න කරද්දි ලංකාවේ හිටියේ විශේෂඥ වෛද්‍යවරු හිටියේ 1740යි. අද වෙන කොට 2646 ක් ඉන්නවා. එදා ඒ තීන්දුව ගන්න වෙලාවට වඩා වැඩි වෛද්‍යවරු 800ක් පමණ මේ වෙලාවේ ඉන්නවා. ජනාධිපතිවරයා අලුතින් ටීචින් හොස්පිටල් තුනක් නම් කළා. වසරකට වෛද්‍යවරු 1500 වෙනුවට 5000ක ඉලක්කයට යන්න වැඩකටයුතු කරමින් යනවා. රට හැර යෑම ගැන හොයන්න වෙනමම කමිටුවක් පත් කරලා තිබෙනවා. වෛද්‍ය සංගමයේ සමාජිකයනුත් ඇතුළත් කරලා රට හැර යෑම සම්බන්ධව සවිස්තරව කටයුතු කරලා ඊට අවශ්‍ය පිළියම් යොදන්න අප තීරණය කරලා තිබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya