මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධික උෂ්ණත්වය වැඩි වශයෙන් බලපාන්නේ කුඩා දරුවන්ට හා වැඩිහිටියන්ටයි

    අප්‍රේල් 27, 2023

    මේ දිනවල අධික උෂ්ණත්වය වැඩි වශයෙන් බලපාන්නේ කුඩා දරුවන්ට සහ අවුරුදු 65ට වැඩි වැඩිහිටියන්ට බව කලුතර මහ රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය වසන්ති රත්නායක මහත්මිය පැවසුවාය.

    ඇය මේ බව කියා සිටියේ ඊයේ (26) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ දින වල මෙරට පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන්කරුණු පැහැදිලි කරමිනි.

    පරිසරයේ ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයෙකු අබාහිර පරිසරයට නිරාවරණය වූ විට ශරීරයේ උෂ්ණත්වය පාලනය සඳහා සමට ලේ ගමන් කිරීමක් සිදුවන බවද එවිට මුහුණ රතුවීම, දහඩිය දැමීම ආදිය සිදුවන බවද වෙද්‍යවරිය පැහැදිලි කළාය.

    වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයන්ට මෙම උෂ්ණාධික බව හේතුවෙන් හෘදයාබාධ හටගැනීමේ අවධානමක් පවතින බවද පැවසූ විශේෂඥ වෛද්‍ය වසන්ති රත්නායක මහත්මිය හෘද අකර්මණ්‍ය රෝගීන් එනම් හෘදයේ කොටසක් පමණක් ක්‍රියා කරන රෝගීන් සඳහා මේ දිනවල ජලය පානයට හදවතට දරාගත හැකි ජලය ප්‍රතිශතයක් සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇතැයිද අවධාරණය කළාය.

    එම ප්‍රමාණය ඉක්මවා ජලය පානය අහිතකර බවද, පිපාසයක් හට ගත් විට ජලය ගිලීමකින් තොරව කට තෙමාගැනීම සුදුසු බවද නිරින්තරයෙන් ශරීරයෙහි කිරා බැලීම සිදුකළ යුතු වන අතරම විශේෂයෙන්ම දහවල්කාලයේ හිරු එළියට නිරාවරණයෙන් වැළකීමේ වැදගත්කමද සිහිපත් කළාය.

    දියවැඩියාව, අධි රුධිර පීඩනය, වකුගඩු රෝග ආදී රෝග වලින් පෙළෙන්නන් අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය වැදගත් බවද තයිරොක්සීන් ඌන පුද්ගලයින් සහ අරක්කු පානය කරන්නන් ශරීර උෂ්ණත්වය පාලනයට අසීරුතාවයක් දක්වන බවද සඳහන් කළාය.

    විශේෂයෙන්ම පාසල් දරුවන් දහවල් කාලයේ ක්‍රීඩා කිරීම අනුමත නොකරන බවද අයිස් වතුරෙහි සම්පූර්ණයෙන් ගිලී ස්නානය කිරීමද නුසුදුසු බව විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya