මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ණය ප්‍රතිව්‍යහගත කිරීම මූල්‍ය ස්ථායීතාව පවත්වා ගනිමින් සිදු කරනවා - සුබසාධන ප්‍රතිලාභ ගෙවීම ජුලි 01 වැනිදා සිට

    අප්‍රේල් 27, 2023

    දේශීය ණය ප්‍රතිව්‍යහගත කිරීම සඳහා ගන්නා ඕනෑම ක්‍රියා පිළිවෙතක්,මූල්‍ය ස්ථායිතාව පවත්වාගනිමින් සිදු කරන බව සමෘද්ධි, ගෘහ ආර්ථීක, ක‍ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද(27) පාර්ලිමේන්තුවේදී පැවසීය.


    ඊයේ දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ එළඹුනු ගිවිසුම සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27/2 යටතේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
    රජය සෑම අවස්ථාවකම මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බවද හෙතෙම සඳහන් කළේය. දේශීය ණය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අදාළ නිර්ණායක තීරණය කිරීම තවම අවසන් කර නොමැති බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා, ජනතාවට අහිතකර බලපෑම් ඇති නොවන පරිදි එම කටයුතු සිදු කිරීමට රජය පසුබට නොවන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප්‍රකාශයෙන්ද ඒ බව සඳහන් කර තිබේ.

    සුබසාධන ප්‍රතිලාභ සඳහා සුදුසුකම් සපුරා ඇති පුද්ගලයින් සඳහා එම ප්‍රතිලාභ ගෙවීම එළඹෙන ජූලි 01 දා සිට ආරම්භ කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. කාණ්ඩ හතරක් යටතේ දිළිදු පවුල් ලක්ෂ 20 කට නිශ්චිත කාල රාමුවක් සදහා හිමිවන අතර එම තොරතුරු මේ වන විටත් ගැසට් පත්‍ර යේ පළ කර තිබෙන බවද අමාත්‍යවරයා කීය.

    තවද මී ළග නව ජන සංගණනයේ මූලික කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇතැයිද හෙතෙම කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya