මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පසුගිය සිව් මාසයේදී මැණික් අපනයනයෙන් වැඩි ආදායමක්

    අප්‍රේල් 26, 2023

    ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලසීමාව තුළ පමණක් මැණික් අපනයෙන් රුපියල් මිලියන 170 වැඩි ආදායමක් උපයා ඇතැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක මහතා අද(26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දුන් විස්තීරණ ණය පහසුකම සම්බන්ධයෙන් විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
    මෙම වසර අවසාන වන විට එම ආදායම මිලියන 500ක් දක්වා වැඩි කර ගැනීමට හැකි වනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
    එහෙත් පසුගිය 2022 වසරේ දී මැණික් හා ස්වර්ණාභරණ අපනයනයෙන් උපයාගත හැකි වූයේ මිලියන 170ක අදායමක් පමණක් බවත් ඒ අනුව පසුගිය වසරට වඩා මිලියන 330ක් වැඩි පුර උබයා ගැනීමට හැකි වනු ඇති බවත් දසනායක මහතා කියා සිටියේය.
    ජාත්‍යන්තර මූල්‍ය ආයතනයෙන් ලංකාවට ණය ලබා දීමේ දී කෙවිට අතට නොගත්තේ නම් 16 වතාවක් ඊට ගොස් ලබාගත් ප්‍රතිඵලම මෙවරද ඇති වන බව හෙතෙම කීවේය.
    රට ගැන සිතා කටයුතු කිරීමේ වාතාවරණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් හෝ සකසා දීම සම්බන්ධයෙන් අප සතුටු විය යුතුයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya