මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුඩානයේ සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් සවුදි අරාබියේ ජෙඩා නුවරට

    අප්‍රේල් 26, 2023

     සුඩානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම සෞදි රජයේ සහාය ඇතිව ඉවත්කර ගත් බව විදේශ කටයුතු අමාත්‍යංශය අද(26)නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    ඔවුන් සෞදියේ ජෙඩා නගරය වෙත රැගෙන ඒමට නියමිතයි. තවත් ශ්‍රී ලංකිකයින් 12දෙනෙකු මුදා ගැනීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය. එහි දැක්වෙන්නේ තවදුරටත් සුඩානයේ තවදුරටත් රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් පිටතට ගෙන්වා ගැනීමට ඉන්දීය හා සෞදි රජයේ සහාය ඇතිව කටයුතු කරමින් සිටින බවයි.

    ආරක්ෂිතව ශ්‍රී ලාංකිකයින් සුඩානයෙන් පිටතට ගැනීම සඳහා , ඊජිප්තුවේ කයිරෝ නුවර තානාපති කාර්යාලය, කාටොන් නුවර කොන්සල් කාරය්ලාය හා සුඩාන බලධාරින් මෙන්ම කාටොන් නගරයේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය ද සමීපව කටයුතු කරමින් සිටී.

     

    සුඩානයේ වෙසෙන ලාංකිකයින්ගේ තොරතුරු තහවුරු කර ගැනීමට අවශ්‍ය නම් කයිරෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ + 20 1272813000  දුරකතනයෙන්   සම්බන්ධ විය හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya