මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හංගේරියානු ආධාර යටතේ ක්‍රියාත්මක ගුවන් පාලම් ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට දෙරට අතර එකඟතා

    අප්‍රේල් 26, 2023

     

    හංගේරියානු රජයේ යුරෝ මිලියන 52ක ණය ආධාර යටතේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෙරෙන කොහුවල මංසන්දියේ සහ ගැටඹේමංසන්දියේ ගුවන් පාලම් වල ඉදිරි කටයුතු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් හංගේරියානු රජයේ බලධාරීන් සහ ප්‍රවාහන හා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර අමාත්‍යංශ කාර්යාලයේදී පැවැත්විණි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවල සාර්ථකත්වය පිළිබඳ සලකා බලමින් දැනට තාවකාලිකව අත්හිටුවා ඇති කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම් වල ඉදිකිරීම් අවසන් කිරීම පිළිබඳව මෙහිදී දෙපාර්ශවය අතර අදහස් හුවමාරු විය. ඒ අනුව පවතින තත්වයෙහි ප්‍රමුඛතාවය පිළිබඳව සලකා බලමින් කොහුවල ගුවන් පාලම කඩිනමින් ඉදිකිරීම අවසන් කිරීමටත්, එහි දෙවන අදියර ලෙස ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් ද කඩිනමින් අවසන් කිරීමටත් මෙහිදී හංගේරියානු නියෝජිත පිරිස අමාත්‍යරයා හමුවේ එකඟතාවයට එළඹිණි.

    හංගේරියානු රජය නියෝජනය කරමින් පැමිණි නියෝජිත පිරිස සමඟ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස් වීරකෝන් මහතා, ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya