මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල ඉතාලි භාෂා දෙපාර්තමේන්තු පිහිටුවීමට පියවර.....

    අප්‍රේල් 26, 2023

    ශ්‍රී ලංකාවේ විශ්වවිද්යාලවල ඉතාලි භාෂා දෙපාර්තමේන්තු පිහිටුවීමට සහාය වන ලෙස, අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටි අතර ඉතාලි භාෂා මධ්යස්ථානයක් පිහිටුවීම සම්බන්ධයෙන් දැනටමත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය සමඟ සාකච්ඡාකරමින් සිටින බව තානාපති මැන්නැල්ලා මහත්මිය පැවසුවාය.

    තවද විදේශගත ශ්‍රී ලාංකිකයන් ඉතාලියේ මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ලබාදෙන දායකත්වය පිළිබඳව තානාපති මැන්නැල්ලා මහත්මිය සිය සතුට පළ අතර ම, ශ්‍රී ලාංකිකයන්ට ඉතාලියේ රැකියා අවස්ථා ලබාදීම පිළිබඳව අග්රාමාත්යවරයා ඉතාලි රජයට ස්තූතිය පළ කළ සිටියේය.

    එක්ස්පෝ 2030 ප්රදර්ශනය සඳහා ලංසු තැබීමට ඉතාලිය සැලසුම් කරන බව එහිදී ඔවුහු අග්රාමාත්යවරයාට දන්වා සිටියහ.

    ඉතාලි තානාපති රීටා ජූලියානා මැන්නෙල්ලා මහත්මිය සහ යුරෝපා සංගම් තානාපති Denis Chibi මහතා 2023.04.24 දින අරලියගහ මන්දිරයේ දී අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අතර නව ක්ෂේත්රවල ආයෝජනය කිරීමේ හැකියාව සොයා බලන ලෙස ඔවුන් සමඟ පැවති සාකච්ඡාවේදී අග්රාමාත්යවරයා ඉල්ලා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya