මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද සිට බස්නාහිර පළාතේ විශේෂ ඩෙංගු මර්දන සතියක්

    අප්‍රේල් 26, 2023

    අද (26) සිට   සතියක් බස්නාහිර පළාත් සභාව,  පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ අනෙකුත් ආයතන එකතු වී විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් දියත් කිරීමට කටයුතු සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය සඳහන් කරයි.

    ඇය මේ බව පැවසුවේ අද (26) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දී ඩෙංගු රෝගය ව්‍යාප්තිය මර්දනය සඳහා බස්නාහිර පලාත තුළ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන යන මැයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    මෙම වසරේ මේ වන විට ලංකාවෙන් ඩෙංගු රෝගීන් 28,446ක් වාර්තා වී ඇතැයිද, ගියවසර තුළ වාර්තා වූ මුළු රෝගීන් ගණන 76,889ක් බවද සඳහන් කළ ප්‍රජා විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය වැඩිදුරටත්ප්‍රකාශ කළේ මෙම වසරේ මාස කිහිපය තුළ වාර්තා වූ රෝගීන් ගණන සැලකිය යුතු අගයක් බවයි.

    මේ වන විට සතියකට රෝගීන් 1800ක් පමණ වාර්තා බවන බවද, ඉන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවද කියාසිටි වෛද්‍යවරිය වැඩිම රෝගීන් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බව අවධාරණය කළාය.

    ඉදිරි මෝසම් වර්ෂාවත් සමග ඩෙංගු රෝගීන් වැඩිවීමේ ප්‍රවණතාවයක් පවතින බැවින් මෙම තත්ත්වය වහාම සමනය කළ යුතු බවද පැවසුවාය. සංඛ්‍යා දත්ත විමර්ශනයේදී පසුගිය වසර 02ටම සාපේක්ෂව මෙම වසරේ සෑම මසකම රෝගීන් වාර්තා වීම වැඩි අගයක් ගන්නා බවද කියා සිටියාය.

    කලුතරදිස්ත්‍රික්කයේ ඩෙංගුරෝගීන් වාර්තා වීම යම් අඩුවක් පෙන්වන බවද, ගම්පහ දිස්ත්‍රික්කයේ රෝගීන් වැඩිවීමක් පෙන්නුම් කරන බැවින් ඒ සදහා විශේෂ අවධානයක් යොමුකළ යුතු බවද අවධාරණය කළාය.

    වාර්තා වන ඩෙංගු රෝගීන්ගෙන් 25%ක් පාසල් යන දරුවන් බවද, ඒ අනූව පාසල් තුළද ඩෙංගු රෝගයෙහි සැලකිය යුතු ව්‍යාප්තියක් දක්නට ලැබෙන බැවින් ඒ පිළිබඳවද විශේෂ අවදානයෙන් කටයුතු කළ යුතු බව කියා සිටියාය.

    20-59 දක්වා වයස් කාණ්ඩයේ ඩෙංගු රෝගීන් වැඩි වීම 62%ක් පමණ වන බවද මෙම වසරේ මේ වන විට ඩෙංගු හේතුවෙන් 15 දෙනෙකු මියගොස් ඇති බවද පැවසුවාය.

    අද සිට ඇරඹෙන විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනේදී අදාල කණ්ඩායම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමේ සිට බිම් මට්ටම් දක්වා ගොස් නිවැසියන්, ආයතන සේවකයන් හා එක්ව කටයුතු කරන බවද සඳහන් කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya