මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විරුද්ධ වන්නේ නම් ඊට විකල්ප හෙළි කළ යුතුයි

    අප්‍රේල් 26, 2023

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කවුරුන් හෝ විරුද්ධ වන්නේ නම් ඒ වෙනුවට විකල්පයක් රටට හෙළි කළ යුතු බව වරාය, නාවික හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා අද(26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අද පැවැති විවාදයේ දී අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

    මෙරට ආර්ථිය නැවත සකස් කර ගැනීමට නම් මූල්‍ය අරමුදල ලබාදුන් මාර්ග සිතියම ක්‍රියාත්මක කළ යුතු බවත් එසේ නොකළහොත් ඉදිරියට යා නොහැකි බවත් ඒ මහතා කියා සිටියේය.

    ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

    ජාත්‍යන්තරය අමුරමුදලට යා යුතුයි කියන මතයේ අපි හිටියා. කැබිනට් එකේ ඇතැම් පිරිසක් ඊට විරුද්ධව හිටියා. නමුත් අපිට ගොඩ යන්නට යන්න නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමකට යන්න පුළුවන් වුණේ ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වුණ නිසයි. විපක්ෂ නායකවරයා පවා කිව්වා ඔවුන් ද ජාත්‍යන්තරයට මූල්‍ය අරමුදලට යන්න කියලා. අද එතුමා කිව්ව දේත් ඉටු වෙලා තිබෙනවා. ඒ නිසා විපක්ෂ නායකවරයත් ඒ ගැන සතුටු වෙන්න ඕන. සමහරු කියනවා අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණේ සොච්චමක් කියලා. එම මුදල පමණක් නෙවයි අපිට ඉන් ලැබුණ මාර්ග සිතියමයි වඩා වැදගත් වෙන්නේ. ඔවුන් ලබාදෙන සහතිකය අනුව තමයි ණය දෙන්නේ, ආයෝජනය කරන්න එන්නේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya