මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශගත වීමට වෘත්තීය පුහුණුව අනිවාර්යයි - විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර

    අප්‍රේල් 26, 2023

    විදේශගතවීමට වෘත්තීය පුහුණුව අනිවාර්ය වන අතර සෑම රැකියාවක් සදහාම පුහුණු ශ්‍රමිකයන් පමණක් විදේශගත කරන බව විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

    මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව අද (26) ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය;
    “විදේශ රැකියා වලට පුහුණුව අත්‍යවශ්‍යම කාරණාවක්. විදේශ ගමන් බලපත්‍රය සාදා ගත් පමණින් විදේශ රැකියා වලට යාමට නොහැකියි. රටවල් වලට ගැළපෙන, වෘත්තීන් වලට ගැළපෙන සුදුසුකම් තිබෙනවා
    ගෘහ සේවය සඳහා NVQ 03 සහතිකය නොමැතිව මේ වන විට ශ්‍රමිකයින් රට රැකියා වලට යැවීමට කටයුතු කරන්නේ නැහැ. ශ්‍රමිකයින් විදේශ රැකියා වලට යැවීමේ දී අපගේ තත්ත්වය ඉහළ නංවාගැනීමට අවශ්‍යයි.
    බොහෝ අය කිසිඳු පුහුණුවක් නොමැතිව රට රැකියා වලට ගොස් අනාථ වීම් අපහසුතාවයන්ට පත් වීම් දක්නට ලැබෙනවා සහ විවිධ ගැටළු මතුවෙනවා. මේ සියල්ල මතු වන්නේ පුහුණුවක් නොමැතිකම නිසාමයි, ඒ නිසාමයි පුහුණුව අනිවාර්ය කර තිබෙන්නේ” යනුවෙනි.
    ඒ අනුව, කුමන විදෙස් රැකියාවකට ගියත් ඒ රැකියාවට අදාළ වෘත්තිය පුහුණුව ලබා ගැනීම සිදු කළ යුතු බව මනුෂ නානායක්කාර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya