මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරට සහ දකුණට එකම විදියට සැලකීම ආණ්ඩුවේ ප්‍රතිපත්තියයි.

    අප්‍රේල් 26, 2023

    දකුණට ලබාදෙන සෑම පහසුකමක්ම උතුරු නැගෙනහිරටත් ඒ අයුරින්ම ලබාදීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව ජනමාධ්‍ය, ප්‍රවාහන සහ මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (26)පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.

    ත්‍රිකුණාමල දුම්රිය ස්ථානය නවීකරණය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රවාහන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    දුම්රිය සතු ඉඩම් දෙස් විදෙස් ආයෝජකයන්ට ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ලබාදෙමින් ඒ මඟින් දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම වැඩි කිරීමට කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය.දුම්රිය මාර්ග අලුත් වැඩියා කිරිෆම් රුපියල් කෝටි 3500ක ව්‍යාපෘතියක් මේ වන විට ආරම්භ කර තිබේ.

    මේ පිළිබඳ අදහස් දැක් වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ,

    යාපනය දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ, අනුරාධපුරයේ සිට මුළුමනින්ම මහව කොටස සම්පූර්ණයෙන් ගලවල සකස් කරනවා. මඩකලපුව ප්‍රදේශයේ තිබෙන භාණ්ඩ ත්‍රිකුණාමළයට ප්‍රවාහනය කිරීමට ප්‍රීමා සමාගමේ වෙනම ව්‍යාපෘතියක් තිබෙනවා. එමගින් පිටි ප්‍රවාහනය පමණක් සිද්ධ වෙනවා. මම පිළිගන්නවා අනිත් දේ සඳහාත් දුම්රිය යොදා ගන්න පුළුවන් කියලා. උඩරට එළවළු කොළඹට ගෙනඒම සඳහා අලුත් මැදිරි තනා, ශීතාගාර සකස් කරලා ක්‍රියාත්මක කරන්න පුළුවන්.ඒ සඳහා ප්‍රමඛතාවය ලබා දී තිබෙනවා. පෞද්ගලික අංශයත් සමඟ ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ඉදිරියේ දී භාණ්ඩ ප්‍රවාහනය කරනවා.

    දුම්රිය දෙපාර්තමේන්තුව සතු වත්කම් විවිධ ව්‍යාපෘති සඳහා ආයෝජකයින්ට ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ද අමාත්‍යවරයා පැවසී .දුම්රිය ස්ථාන නවීකරණය කරන අතර තුර , ආදායම වැඩි කර ගැනීමට මෙමගින් බලාපොරොත්තු වන බව හෙතෙම සඳහන් කළේය.

    දුම්රිය සතුව තිබෙන විශාල වත්කම් සහ දේපොළ ප්‍රමාණයක් තියෙනවා. අක්කර 14000ක් පමණ තිබෙනවා. මෙහි අයිතිය සම්පූර්ණයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවට තබාගෙන විවිධ ව්‍යාපෘති සඳහා ලබාදෙන්න වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.පිටකොටුව, මරදාන කොල්ලුපිටිය, බම්බලපිටිය හික්කඩුව, ඇල්ල ගම්පොළ කටුනායක, කඩුගන්නාව වැනි ස්ථානවල ඉතාම දර්ශණීය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ආයෝජකයන්ට ඉඩ ප්‍රස්ථාව ලබලා දෙනවා. ව්‍යාපෘතියක් කරලා රටේ නිමවුම් ආදායම සේවා නියුක්තිය වැඩිවන ලෙස ඵලදායික ලෙස එම සම්පත් කළමනාකරණය කරන්න විශේෂ ඒකකයක් පිහිටුවලා තිබෙනවා.

    ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා ලෙස පසුගිය අයවැයෙන් රුපියල් මිලියන 200ක් වෙන් කරලා දුන්නා එළවළු ඇතුළු නෂ්ව වන භාණ්ඩ කඩිනමින් කොළඹට ප්‍රවාහනය කිරීමේ වැඩසටහනකට. එම වැඩසටහනේ ප්‍රථම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා තිබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya