මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියළු දෙනා එක්ව එකම ජාතික ප්‍රතිපත්තියක් හදමු - ජනපති පාර්ලිමේන්තුවේදී කියයි.

    අප්‍රේල් 26, 2023

    සියළු දෙනා එක්ව වසර 2048 දක්වා දිවෙන ජාතික ප්‍රතිපත්තිය රාමුවක් සැදිය යුතු බවත් , බලය ගැන නොසිතා එ් සඳහා එක්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා සඳහන් කළේ  මේ වන විටත් රට තුළ ආර්ථික ස්ථාවරභාවය  ගොඩනැගෙමින් ඇති බවයි.මේ වන විටත් ආයෝජකයින් මෙරටට පැමිණෙන බවත් , සමාජ ආරක්ෂණය සඳහා වැඩි මුදලක් වෙන් කර ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

    දරිද්‍රතාවයෙන් පෙළෙන අය ගැන රජය සොයා බලන බවත් නව සමාජ ආරක්ෂණ ජාලාවක් ඇති කරන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා  සේවක අර්ථ සාධක අරමුදලට හානියක් වෙන්න ඉඩ තබන්නේ නැතැයිද සඳහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා පැවසුවේ, 

    IMF විසඳුම හැර වෙනත් විසඳුමක් අද අපට නැහැ, ඒ නිසා අපට තිබෙන්නේ මෙය අනුමත කරන්න,මෙහි තිබෙන අඩපාඩු කම් සම්බන්ධයෙන් IMF නියෝජිතයින් සමග මාස 06න් 06ට   සාකච්ඡා කරන්න පුළුවන්, අපි ඔක්කොම එකතුවෙලා එකම ජාතික ප්‍රතිපත්ති රාමුවක් හදමු. මේ සඳහා අපි ඔක්කොම එකතුවෙමු. අපි මෙය නොකළොත් අපි තරුණයන්ව පාවලා දෙනවා. ඔවුන්ගේ අනාගතය නැති කරනවා. ඒ නිසා සියළු දෙනාම එක්ව මෙය අනුමත කරන්න.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya