මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධික උණුසුම මැයි මස අගවන තෙක්

    අප්‍රේල් 26, 2023

    මේ දිනවල පවතින අධික උණුසුම් තත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවත් මැයි මාසයේ 20වැනි දිනෙන් පසුව නිරිත දිග මෝසම සක්‍රීය වනවිට මෙම තත්වය පහව යනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසුවේ අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

    ගෝලීය වශයෙන් සිදුවන දේශගුණික විපර්යාසයන් මෙම තත්වයන් ඇතිවන බව පෙන්වා දුන් ඒ මහතා මේ වනවිට වායුගෝලයේ පවතින ජලවාෂ්ප ප්‍රමාණය ඉහළ මට්ටමක පවතින බැවින් වායුගෝලයේ තාප ශක්තිය නිදහස් කිරීම අවහිර වීමෙන් උණුසුම් තත්වය පවතින බවත් පෙන්වා දුන්නේය.

    වර්ෂාව ලැබීමත් සමග මෙම ජලවාෂ්ප ක්‍රමයෙන් අඩුවන බැවින් උණුසුම් තත්වය පහව යනු ඇති බවත් හෙතෙම පැවසීය.

    මෙම තත්වය පහව යන තුරු ලාපැහැ ඇඳුම් අඳින ලෙසත් අධික මහන්සියෙන් යුතු වැඩවල නිරත නොවන ලෙසත් වැඩිපුර ජලය පානය කරන ලෙසත් ඒ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

    එසේම උදෑසන 11 සිට සවස 4 දක්වා කාලසීමාව තුළ කුඩා දරුවන් සහ වයස අවුරුදු 50ට වැඩි පිරිස් එළිමහනේ ගැවසීමෙන් වළකින ලෙසත් පැණිබීම වර්ග පානය නොකරන ලෙසත් ඒ මහතා අවධාරණය කළේය.

    මේ දිනවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවන බැවින් ඉදිරියේදී මෙම අධික උණුසුම් තත්වය පහව යනු ඇති බවද හෙතෙම පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya