මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව අද රැස් වේ

    අප්‍රේල් 26, 2023

    පාර්ලිමේන්තුව අද පෙ.ව 9.30 ට රැස්වන අතර පෙ.ව. 9.30 සිට පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.


    වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලින් අනතුරුව අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ගරු ජනාධිපතිවරයා විසින් 2023.04.17 දිනැති, අංක 2328/02 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියමය විවාද කිරීමකින් තොරව අනුමත කරගැනීමට නියමිතව ඇත. අනතුරුව ප.ව 5.00 දක්වා ශ්‍රී ලංකාව සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සදහා වූ යෝජනා සම්මතය විවාදයට ගැනීම සිදුවේ.
    ඉන්පසු රජයේ විවිධ ව්‍යවස්ථාපිත ආයතනවල වාර්ෂික වාර්තාවලට අදාළව ඉදිරිපත්කර තිබූ යෝජනා 13 ක් අනුමතිය සදහා ඉදිරිපත් කිරීමට ද මෙහිදී තීරණය වී තිබේ. තවද පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පත් වන කැලණිය බෞද්ධ කාන්තා පුණ්‍යායතන සමිතිය (සංස්ථාගත කිරීමේ) සහ ශ්‍රී ලංකා බදුකරණ කාර්යායතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වය දෙවනවර කියවීම සදහා ඉදිරිපත් කිරීමටද මෙහිදී එකගත්වය පළවී තිබේ.
    අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya