මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ වෙළඳ සැල් කිහිපයකට පාරිභෝගික අධිකාරියෙන් දඩ

    අප්‍රේල් 25, 2023

    පාරිභෝගික සේවා අධිකාරිය අද (25) සිදුකරන ලද නඩු පැවරීම් 19ක් සඳහා රුපියල්මිලියන 1.9ක දඩ මුදලක් කොළඹ 5, මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇති බව එමඅධිකාරිය පවසයි.

    ඒ අනුව වැල්ලවත්ත ප්‍රදේශයේ බිත්තර වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළඳසැලකට රුපියල්ලක්ෂ පහක දඩයක් සහ මරදාන , අංගොඩ , කිරුළපන ප්‍රදේශවල සිල්ලර වෙළඳසැල්නවයක් සඳහා මෙලෙස රුපියල් මිලියන 1.3 ක දඩමුදල් නියම කර තිබේ.

    තවද පසුගිය දිනවල කොළඹ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සොයාගන්නා ලද රුපියල්මිලියන 2.2 කට අධික වටිනාකමින් යුත් කල් ඉකුත් වූ කිරිපිටි සමඟ මිශ්‍ර කිරිපිටි තොගයක්විනාශ කිරීමටද  අධිකරණය නියෝග කර ඇත.

    එසේම ආනයනකරු පිළිබඳ තොරතුරු සඳහන් නොකළ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා ආනයනික බිස්කට් සහ චොකලට් තොගයක් විනාශ කිරීමටදඅධිකරණය නියෝග කළ බව එම අධිකාරිය දැනුම් දේ.

    එසේම පාරිභෝගික සේවා අධිකාරිය පනත හා විධාන උල්ලංඝනය කරන වෙළඳුන් සොයා දීපව්‍යාප්තව තවදුරටත් වැටලීම් ක්‍රියාත්මක කෙරෙන බව එමඅධිකාරිය වැඩිදුරටත් පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya