මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති සිනමා සම්මාන උළෙල 2023

    අප්‍රේල් 25, 2023

    සිනමාකරුවන් ඇගයීම සඳහා පැවැත්වෙන ජනාධිපති සම්මාන උළෙල මෙම වසරේදීත් පැවැත්වීමට කටයුතු සූදානම් බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ , අද(25) ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවති උත්සවයකට එක්වෙමිණි. මෙවර සිනමා උළෙල සඳහා වෙන්ඩොල් හර්බල්ස් සමාගම හා ජාතික චිත්‍රපට සංස්ථාව පූර්ණ අනුග්‍රහය ලබාදෙන බව ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසීය. එම ආයතන සමග අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම අද දින ජනමාධ්‍ය අමාත්‍යාශ පරිශ්‍රයේ පිහිටි ඇසිදිසි මැදුරේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රමුඛ ආරාධිත අමුත්තන් ඉදිරියේදී සිදුකෙරිණ. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ සිංහල සිනමා වංශ කථාවේ උත්කර්ෂවත් සම්මාන උළෙල ජනාධිපති සම්මාන උළෙල බවයි. ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ සමයේ ඇරැඹි මෙම උළෙල ඉනික්බිතිව වසර ගණනාවක් පැවැති අතර රටක් වශයෙන් අප පසුගිය සමයේ මුහුණදුන් අඳුරු කාලසීමාව පසුකරමින් කෙසේ හෝ මෙවර උළෙල පැවැත්වීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවත් අප රජය මුහුණපා සිටින දරුණු මූල්‍ය අපහසුතා මධ්‍යයේ ගොඩකන්ද හර්බල්ස් පුද්ගලික සමාගම ඊට අනුග්‍රහකත්වය ලබාදීම ඉතාමත් අගය කරන බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya