මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන රජයෙන් ලැබුණු ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව බාහිර රෝගී සංකීර්ණයක්

    අප්‍රේල් 26, 2023

    චීන මහජන සමූහාණ්ඩුව විසින් මෙරටට පරිත්‍යාගයක් ලෙස පිරිනැමුණු ශ්‍රී ලංකා ජාතික රෝහලේ අට මහල් නව බාහිර රෝගී සංකීර්ණය (25) චීන මහජන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් භාර දුණි.

    ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂැන්හොන් (Qi Zhenhong) මහතා විසින් එය නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත එය භාර දීම එම රෝහල් සංකීර්ණයේදී අද පෙරවරුවේ සිදු කෙරිණි. එයට අදාළ ගිවිසුම් ලිපි හුවමාරු කරගැනීම අමාත්‍යවරයා හා චීන තානාපතිවරයා අතර මෙහිදී සිදු වූ අතර මෙයට සමගාමීව ඉකුත් වසර තුළ චීන රජය මගින් මෙරටට ප්‍රදානය කෙරුණු ඖෂධ හා වෛද්‍ය උපකරණ සම්බන්ධ ලිපි ගොනු හුවමාරු කර ගැනීමද මෙහිදී සිදුවිය.

    කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ මෙම නව බාහිර රෝගී සංකීර්ණය චීන මහජන සමූහාණ්ඩුව මගින් මෑතකාලීනව මෙරට පරිත්‍යාග කෙරුණු විශාලතම ප්‍රදානයකි. මෙම ගොඩනැගිලි සංකීර්ණය සඳහා ඩොලර් මිලියන 80ක මුදලක් වැයකර තිබේ. මෙහි බිම් මහලේ රෝගීන් ලියාපදිංචි කිරීම ,ඖෂධාගාරය ,හදිසි අනතුරු අංශය, බාහිර රෝගී අංශය, විකිරණ විද්‍යා ඒකකය සහ පොදු ආපනශාලාව වේ. දෙවන මහලේ ප්‍රාථමික ප්‍රතිකාර ඒකකය, අල්ට්‍රාසොනොග්‍රෆි ඒකකය,පිළිකා ඒකකය හා බහුවිධ පරීක්ෂණ මධ්‍යස්ථානය වන අතර තෙවන මහලේ බාහිර රෝගී සැත්කම්, ස්නායු ශල්‍ය සායනය, බාහිර ශල්‍ය සායනය, රසායනාගාර මධ්‍යස්ථාන ඇතුළත් වේ. 4 වන මහලේ භෞත චිකිත්සක ඒකකය ,රක්තවේද සායනය ,ජලභීතිකා සායනය, ප්ලාස්ටික් සැත්කම් සායනය, හිමෝෆීලියා සායනය, එන්ඩොස්කොෆි එ්කකය වේ. 05 වන මහලේ මනෝ චිකිත්සක සායනය, රුධිර කාන්දු පෙරණ ඒකකය, කායික රෝග සායනය හා වකුගඩු සායනය වේ. 6 වන මහලේ ආමාශ ආන්ත්‍රික සාය,නය හෘද සහ උරස් වාහිනි සායනය, උගුර කණ නාසය සායනය, විකලාංග සායනය ,ක්‍රීඩා වෛද්‍ය අංශය, චර්ම රෝග සායනය , මස්තිෂ්ක වාහිනිය සායනය, මෞත්‍රලිංගික සායනය වන අතර 07 වන මහලේ ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය, මහජන සෞඛ්‍යය පරිපාලන කාර්යාල සහ වාට්ටු ඇතුලත් කිරීමට සැලැසුම් කර ඇත.

    “බීජිං” ගෘහ නිර්මාණ සැලසුම් ආයතනය හා “ෂෙන්සෙන්” ඉංජිනේරු අධීක්ෂණ හා උපදේශන සමාගම මෙහි ව්‍යාපෘති කළමනාකරණ ආයතනය ලෙස කටයුතු කෙරිණි. මෙම 08 මහල් ගොඩනැගිලි සංකීර්ණය වර්ග මීටර් 49150 ක ප්‍රමාණයක ඉදිකර තිබේ.

    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා;

    මෙරටට සමීප මිතුරෙකු වන චීන රජය විසින් මෙවැනි විශාල සහයෝගයක් දැක්වීම පිළිබඳව චීන සමූහාණ්ඩුවට හා චීන ජනතාවට ශ්‍රී ලංකා රජය ස්තූතිය පිරිනමන බව මෙහිදී කීය. චීන රජය විසින් මෙවැනි විශාල සහයෝගයක් ලබා දුන් පළමු අවස්ථාව මෙය නොවන බවත්, ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය කොතනද? කුමන සහයෝගයක්ද? අවශ්‍ය හැම අවස්ථාවකම රටට විශාල මෙන්ම වටිනා අත්‍යවශ්‍ය පරිත්‍යාගයන් චීන රජය මගින් ලබා දී ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී කීය.

    මෙම රෝහල මෙරටට හිමිවූයේ 05 වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් ලෙස යැයිද මෙම අතිවිශාල පරිත්‍යාගය යළි අයකර නොගැනීමේ පදනමෙන් විශාල පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබා දීමට චීන රජය එහිදී තීරණය කළ බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

    චීන තානාපතිතුමන් වෙහෙස මහන්සි නොබලා අඛණ්ඩව මේ වෙනුවෙන් කටයුතු කළ බවත්, කිහිප වරක් ප්‍රමාද වීම්, අතපසු වීම් සිදු වුවද ඒ සියල්ල ජයගෙන වැඩ අවසන් කිරීමට සමත් වූයේ යැයි ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    රෝගීන් මෙන්ම සෞඛ්‍ය වෘත්තිකයන් ද මේ පිළිබඳව සතුටු වනු ඇති බවත් විශේෂයෙන් චීන මහජන සමූහාණ්ඩුවෙන් ලැබුණු පරිත්‍යාගය ඉතා වටිනා අයුරින් ඔවුන් රැක බලා ගනු ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    ශ්‍රී ලංකාවට කුමන අභියෝගයක් පැමිණයද චීන රජය ඒ වෙනුවෙන් සහයෝගය ලබාදෙන බව ද විශේෂයෙන් කොවිඩ් වසංගත සමයේ ලැබුණු සහයෝගය ඉතා ප්‍රශංසනීය බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව වැනි ප්‍රදානයන්මෙරටට ලබාදුන් චීනය ඉදිරියටත් එවැනි වැඩපිළිවෙළ ගණනාවක් පිළිබඳව සාකච්ඡා කරනු ලැබූ බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    රබර් - සහල් ගිවිසුමෙන් පසු ඇතිකරගත් මිත්‍රත්වය අඛණ්ඩව ගොස් වර්තමානය වන විට එම මිත්‍රත්වය ඉතා සමීප මට්ටමකට පත්ව ඇතැයිද අමාත්‍ය රඹුක්වැල්ල මහතා කීය. ඉදිරි මාස කිහිපය ඇතුළත මෙම බාහිර රෝගී සංකීර්ණයේ වැඩකටයුතු මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමේ තත්ත්වයට පවත්වාගෙන යාමට සැලසුම් කර ඇති බවත් ඉදිරි වසර වන විට මෙහි වැඩකටයුතු පරිපූර්ණ තත්වයකට ගෙන ඒමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

    මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂැන්හොන් මහතා, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක චන්ද්‍ර ගුප්ත, අතිරේක ලේකම්( පාලන) ගීතාමනී කරුණාරත්න, අතිරේක ලේකම් (සංවර්ධන) සුනිල් ගලගම, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩබ්.කේ.වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya