මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කතානායකවරයාගෙන් නිවේදනයක්

    අප්‍රේල් 25, 2023

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, “දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන)” නමැති පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් කථානායකතුමා වෙත ලැබී තිබෙන බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පැවසීය

    අද (25) දින පාර්ලිමේන්තු රැස්වීමේදී නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින් කථානායකවරයාගේ නිවේදන ඉදිරිපත් කරන ලදී.

    ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, “දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන)” නමැති පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් කථානායකතුමා වෙත ලැබී තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ග ශෙහාන් සේමසිංහ මහතා විසින් 2023 මාර්තු 10 දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ හැකි බවට ද නියෝජ්‍ය කථානායකවරයා නිවේදනය කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී  හේෂා විතානගේ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩු සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130(3) හි විධිවිධාන අනුව, 2023 අප්‍රේල් 04 දින තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වීරසුමන වීරසිංහ මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කොට තිබෙන බවද නියෝජ්‍ය කථානායකවරයා නිවේදනය කළේය.

    තවද, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ තලතා අතුකෝරල මහත්මිය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130(3) හි විධිවිධාන අනුව, 2023 අප්‍රේල් 04 දින තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී  (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කර තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජීවන් තොන්ඩමන් මහතා ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩු සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130(3) හි විධිවිධාන ප්‍රකාරව, 2023 අප්‍රේල් 04 දින තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේෂ්වරන් මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කොට තිබෙන බවද නියෝජ්‍ය කථානායකවරයා නිවේදනය කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී  නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130(3) හි විධිවිධාන ප්‍රකාරව, 2023 අප්‍රේල් 04 දින තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අනුරාධ ජයරත්න මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කොට තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එම්. උදයකුමාර් මහතා ආගමික කටයුතු හා සහජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130(3) හි විධිවිධාන අනුව, 2023 අප්‍රේල් 04 දින තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව නියෝජ්‍ය කථානායකවරයා දන්වා සිටියේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී  ජීවන් තොන්ඩමන් මහතා ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130(3) හි විධිවිධාන අනුව, 2023 අප්‍රේල් 04 දින තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේෂ්වරන් මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කර තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130(3) හි විධිවිධාන අනුව, 2023 අප්‍රේල් 04 දින තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මයන්ත දිසානායක මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කොට ඇති බව ද නියෝජ්‍ය කථානායකවරයා නිවේදනය කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මයන්ත දිසානායක මහතා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ
    කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130(3) හි විධිවිධාන අනුව, 2023 අප්‍රේල් 04 දින තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව නියෝජ්‍ය කථානායකවරයා දන්වා සිටියේය.


    පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුසම්මිල් මහතා මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130(3) හි විධිවිධාන අනුව, 2023 අප්‍රේල් 04 දින තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වීරසුමන වීරසිංහ මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කර ති‍බේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී  රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130(3) හි විධිවිධාන ප්‍රකාරව, 2023 අප්‍රේල් 04 දින තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු හේෂා විතානගේ මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කොට තිබෙන බවද නියෝජ්‍ය කථානායකවරයා නිවේදනය කළේය.

    තවද, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු විදුර වික්‍රමනායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දු මහතා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩු සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130(3) හි විධිවිධාන අනුව, 2023 අප්‍රේල් 04 දින තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මිය එම කාරක සභාවේ සේවය කිරීම සඳහා නම් කොට ඇති බවද නියෝජ්‍ය කථානායකවරයා නිවේදනය කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya