මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ප්‍රවාහන කොමිසම විසින් ස්ථිර මාර්ගස්ථ මගී බලපත්‍ර කිසිවක් ලබාදී නැහැ- කැබිනට් ප්‍රකාශක

    අප්‍රේල් 25, 2023

    ජාතික ප්‍රවාහන කොමිසම විසින් ස්ථිර මාර්ගස්ථ මගී බලපත්‍ර කිසිවක් ලබාදී නොමැති බව සභාපතිවරයා තමා සමග ප්‍රකාශ කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

    ඔහු මේ බව කියා සිටියේ, අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාරතමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමවේදී පුද්ගලික බස්රථ සඳහා අධිවේගී ගමන් බලපත්‍ර 35ක් දේශපාලන හිතවතුන්ට ලබාදී ඇති බවට පැනනැගී ඇති චෝදනාව සම්බන්ධයෙන් සිදුකළ විමසීමට පිළිතුරු වශයෙනි.

    මෙම වගකීම තමා භාරගත් දින සිට තමා හෝ වෙනත් කවර දේශපාලන බලවතෙකුගේ උවමනාවකට හෝ කුමන හේතුවක් මත හෝ බලපත්‍ර ලබාදීමක් සිදුනොකරන ලෙස තමා විසින් පැහැදිලි උපදෙසක් ජාතික ගමනාගමන කොමිසන් සභාවට ලබාදී ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

    මීට පෙර බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් විවිධ වංචා, දූෂණ, අක්‍රමිකතා සහ විවිධ චෝදනා රාශියක් එල්ලවී ඇතැයිද, එමනිසා මේ සඳහා ක්‍රමවත්, විනිවිද පෙනෙනජාතික වැඩසටහනක් සකස් කිරීමකින් තොරව කිසිම කෙනෙකුට ස්ථිර මාර්ග බලපත්‍රයක් ලබා නොදෙන ලෙස නියෝගය කළ බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිහිපත් කළේය.

    මෙම නියෝගය එසේ තිබියදී කැබිනට් මණ්ඩලයටද ඉදිරිපත් කර බලපත්‍ර ලබාදෙන මාර්ග හා බලපත්‍ර ලබාදෙන ක්‍රමවේදය පිළිබඳව තව දින 30ක් ඇතුලත ප්‍රසිද්ධ මාධ්‍ය වල දැන්වීමක් පළකර බලපත්‍ර ලබාදීමට කටයුතු කරන බවද අවධාරණය කළේය.

    මෙවැනි චෝදනා පවතී නම් ඒවා ඔප්පු කර අවශ්‍ය අයට නිසි දඬුවම් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අදාල සියලු සාක්ෂි කැඳවා අපක්ෂපාතී වාර්තාවක් තමාවෙත ලබාදෙන ලෙස බපොලිස්පතිතුමාට නියම කර ඇති බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya