මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ රැකියා සදහා ජාත්‍යන්තර ආයතන සමග එක් වෙනවා - විදේශ රැකියා අමාත්‍ය

    අප්‍රේල් 25, 2023

    විදේශ රැකියා සදහා ඉල්කක කරගත් හෙදියන් පුහුණු කිරීමටත්, ඒ සදහා ජාත්‍යන්තර ආයතන සමග එක් වන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද (25) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීවේය.


    “විදේශ රැකියාවල නිරතවන ගෘහ සේවිකාවන්ගේ පවුල්වල තත්වය ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසු විපරම් කරනවා. විදේශ ගත ශ්‍රමිකයින්ගේ වගේම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුබසාධනය හා ආරක්ෂාව සම්බන්ධයෙන් කාර්යාංශය කටයුතු කරනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා රැකියා සදහා පිටත්ව යන සියලුම ශ්‍රමිකයින්ගේ දත්ත කාර්යාංශයේ පරිඝනක පද්ධතියේ ඇතුළත් වෙනවා. ඒ වගේම විදේශ රැකියා අමාත්‍යාංශය යටතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයවලට අනුයුක්ත කර සිටින සංවර්ධන නිලධාරීන් හරහා පවුල්වල සුබසාධනය හා ආරක්ෂාව සම්බ්නධයෙන් කටයුතු කරනවා.

    රට ගියාම පවුලේ අය ගැන බලා ගන්නවා වගේම, රට ගොස් නැවත පැමිණෙන ශ්‍රමිකයා සවිබල ගැන්වීමටත් කටයුතු කරනවා. විදේශ ගත ශ්‍රමිකයින්ට මිලියන දෙකක් දක්වා අඩු පොලීයට ණයක් ලබාගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ අයට වගේම නැවත ලංකාවට පැමිණි ශ්‍රමිකයින් ව්‍යවසායකයින් බවට පත් කිරීමට මෙම ණය ක්‍රමය තවත් පුලුල් කරන්න කියලා ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා.

    විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ අංශය මගින් විදේශ රැකියාවල නියුතුවූවන්ගේ ගැටලුවලට විසදුම් ලබාදෙනවා. අපි හැම තිස්සේම අහුවෙන්න එපා කියනවා. එක එක රැලිවලට අහුවෙනවා වගේ එක එක කතාවලට අපේ මිනිස්සු අහුවෙනවා. නීත්‍යානුකූල මාර්ගයෙන් විදේහ ගත වෙන්නෙ කියලා කිව්වට නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ ගිහින් නොයෙක් දුෂ්කරතාවයන්ට මුහුණ දෙනවා. පසුගිය කාලයේදී පැවති විවිධ අස්ථාවරභාවයන් නිසා මොන විදියකට හරි රටින් යන්න ඕන කියලා හිතපු කණ්ඩායමක් ඉන්නවා. එතැනදී ව්‍යාජ උදවියගේ ග්‍රහණයට ලක්වෙනවා.

    සංචාරක වීසා හරහා විදේශ රැකියා සදහා පිටත්ව ගොස් සමහරු අමාරුවේ වැටෙනවා. මානව හිමිකම් ප්‍රශ්න ගැන කියමින්, සිය කැමැත්තට යන බව කියමින් මේ අය විදේශ රැකියා සදහා පිටත්ව යනවා. මේවා නවත්වන්නේ කොහොමද? අපි පුලුවන් තරම් දැනුවත් කරලා නතර කිරීමට කටයුතු කරනවා වගේම සුරක්ෂා නිවාසවල සිටි බොහෝ දෙනෙක් ගෙන්වා ගැනීමට අපි කටයුතු කරනවා.

    ඒ වගේම විදේශ රැකියා සදහා පිටත්ව ගොස් වෙන වෙන තැන්වලට පනින අය වැලැක්වීමට අපි කටයුතු කරනවා. ඒ අනුව කොමිස් මුදල් ලබා ගැනීමේ අරමුණෙන් මාස දෙකක් ඇතුළත රැකියාවෙන් පනිනන අය වැලැක්වීමට අපි කටයුතු කරනවා. ඒ වගේම සංචාරක වීසා මත රැකියා සදහා පිටත්ව ගිය අය සුරක්ෂා නිවාසවලට ඇතුළත් කර නොගැනීමට තීරණය කර තිබෙනවා. මේ ජාවාරම් වැලැක්වීමට අලුත් ගිවිසුමක් අපි හදුන්වාදී තිබෙනවා” යනුවෙන් පැවසු අමාත්‍යවරයා මෙසේ ද සිය අදහස් වැඩිදුරටත් පැවසීය.

    “ඒ වගේම විදේශ ගත ශ්‍රමිකයින්ට රක්ෂණයක් හදුන්වාදී තිබෙනවා. ඒකත් අර කලින් හදුන්වලා දීලා තිබුණ වගේ රක්ෂණයක්ද කියලා සමහරු අහනවා. ඉස්සර කළා වගේ තමන්ට අවශ්‍ය කෙනාට රක්ෂණය ලබාදීමේ ක්‍රමවේදයක් නෙමෙයි අපි අනුගමනය කළේ. ජාත්‍යන්තර ටෙන්ඩර කැදවීමක් කරලා ජාත්‍යන්තරව සියලුම ආයතනවලින් ඉල්ලීමක් කරලා ගෘහ සේවිකාවන් රක්ෂණය කරලා තියෙනවා. මේවා නොදන්නා සමහර පුද්ගලයින් හා මාධ්‍යෙව්දීන් එළියට ඇවිල්ලා ටෙන්ඩර කරලා නෑ කියලා කියනවා. ඒත් ජාත්‍යන්තර ටෙන්ඩර කැදවීමකින් පසුව රක්ෂණය ලබාදීමට කටයුතු කර තිබෙනවා. මෙහි ආරම්භක කටයුතු කළ නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිතුමාටත් අපි ස්තුතිවන්ත වෙනවා.

    අපේ රටට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් එවන්නේ අපේ කාන්තාවන්. අද අපේ රටේ මිනිස්සුන්ට බෙහෙත් ටික දෙන්න පුලුවන් වෙලා තියෙන්නේ, විදුලිය කපන්නේ නැතිව තබාගන්න පුලුවන් වෙලා තියෙන්නේ, මේ අය එවන මුදල් නිසා. පසුගිය මාර්තු 31 වැනිදා සිට එන්.වී.ක්‍යු 3 සහතිකය නොමැතිව ගෘහ සේවයට යන්න බෑ. දැන් අපි ගෘහ සේවිකාවන් නෙමෙයි යවන්නේ, උසස් ගෘහ පාලිකා තනතුරු සදහා තමයි අපි ශ්‍රමිකයින් පිටත් කර යවන්නේ. දැනට ඉහළම වැටුප් ලබන ශ්‍රමිකයින් සපයන රටවල් දෙකෙන් එකක් තමයි අපේ රට.

    මේ ශ්‍රමිකයින් සාත්තු සේවිකාවන් ලෙස පිටත් කර යැවීමට, සාත්තු සේවක ආර්ථිකයක් වෙනුවෙන් කටයුතු කිරීමට අපි පියවර ගෙන තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල වයස්ගත ජනගහනය ඉහළ යමින් තිබෙනවා. ඒ රටවල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට අපිට ශ්‍රමය තිබෙනවා. ඒත් පුහුණු ශ්‍රමය නැහැ. මේ නිසා අධ්‍යාපන අමාත්‍යාංශය, වෘත්තීය පුහුණු අධිකාරිය සමග එකතුවෙලා අදාල පුහුණුවීම් සිදුකරනවා. ලෝකයේ ශ්‍රම වෙලදපොලේ අවශ්‍යථාවය අනුව පුහුණු කිරීම් ආයතන සමග එක්ව කටයුතු කිරීමට අපි සූදානම් හෙදියන්ට ලෝකයේ විශාල ඉල්ලුමක් තිබෙනවා. ඒත් විදේශ රැකියා සදහා යැවිය හැක්කේ හෙද සංගමයේ ලියාපදිංචි හෙදියටන්ට පමණයි. පුද්ගලික අංශයේ හෙද

    පුහුණුව ලබන අයට මෙම ලියාපදිංචිය ලබාදීමට වෘත්තීය සමිති විරෝධය දක්වා තිබෙනවා. විදේශ රැකියා සදහා ඉල්කක කරගත් හෙදියන් පුහුණු කිරීමටත්, ඒ සදහා ජාත්‍යන්තර ආයතන සමග එක්වීමටත් අපි බලාපොරොත්තු වෙනවා. වෘත්තීය සමිති පැත්තකින් තියලා, ඔවුන්ගේ සහාය රටේ සංවර්ධනයට යොදා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.

    තායිලන්තයට අපේ තරුණ තරුණයින් රැගෙන යන මිනිස් ජාවාරමක් හදුනා ගැනීමට අපිට පුලුවන් වුනා. මේ ජාවාරම කරලා තියෙන්නේ අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක්. ඒ මන්ත්‍රීතුමා දැනට අත්අඩංගුවට ගෙන තිබෙනවා. සල්ලි අරගත්ත අය අතට අහුවුනාම අත්අඩංගුවට ගත්තා. අධිකරණයට ඉදිරිපත් කළාට පස්සේ එදාම ඇප ලැබිලා තිබෙනවා. අධිකරණයත් මේ අය සම්බන්ධයෙන් නිසි පරිදි නීතිය අනුගමනය කරාවි යැයි අපි බලාපොරොත්තු වෙනා. ඇප ලැබෙන නිසා මේ වගේ වැරදි කරන අය බය නැතිව වැරදි කරනවා. තායිලන්තයේ සහ ලාඕසයේ සිරවී සිටින අය ගෙන්වා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය සමග අපි කටයුතු කරමින් සිටිනවා.” යනුවෙනි

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya