නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්රිය මැදිරි සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා - සත්‍ය කරුණු සභාවට ඉදිරිපත් කිරීමට වාර්තාවක්

    අප්‍රේල් 25, 2023

    ඇතැම් දුම්රිය මැදිරි සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවන්හි සත්‍ය කරුණු සභාවට ඉදිරිපත් කිරීමට වාර්තාවක් ලබාදෙන්නැයි තමන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට නියම කර ඇතැයි ජනමාධ්‍ය, ප්‍රවාහන සහ මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද(25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

    දුම්රියෝ බොහෝ පැරණි යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ කලින් පැවැති ක්‍රමවේදයට වෙනස්ව අන්තර් ජාතිකව ටෙන්ඩර් කැඳවීමක් සඳහා කටයුතු කරන්න කියලා තිබෙනවා. පැවැතුණ ක්‍රමය අනුව දේශීය වශයෙන් විවිධ පාර්ශවයන් විසින් යකඩ අඩු මිලකට බෙදා ගැනීමේ ක්‍රමවේදයක් තමයි කරලා තිබෙන්නේ. ජාත්‍යන්තර ටෙන්ඩරයක් කැඳවන්න කියලා මම උපදෙස් දීලා තිබෙනවා. කලින් ලබාගත් දුම්රිය මැදිරි ගැන විවිධ චෝදනා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් යොමු වෙනවා. එහි කරුණු සියයට සියයක් ඇත්ත නෙවෙයි. ඒ නිසා සත්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් සභාවට සැපයීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයට මම නියම කරලා තිබෙනවා.

    රාජ්‍ය සේවා කොමිසමේ අවසරය මත බස් රථ සඳහා අවශ්‍ය රියදුරන් සහ කොන්දොස්තරවරුන් 800කට වැඩි පිරිසක් බඳවා ගැනීමට අවසර ලබාගෙන තිබෙනවා. අවාසනාවකට ඉදිරිපත් කරන සුදුසුකම් අනුව රියදුරන් බඳවා ගැනීමේ ප්‍රශ්නයක් මතු වෙලා තිබෙනවා. පුහුණුව ලබලා තිබෙන හොඳ රියදුරන් ඉන්නවා අධ්‍යාපන සුදුසුකම් නැති. ඒ සුදුසුකම නැති නිසා ඔවුන්ගේ සේවය ලබාගන්න බැරැව තිබෙනවා. කැබිනට් පත්‍රිකාවක් මඟින් මේ සුදුසුකම් වෙනස් කරගැනීම සඳහා ක්‍රියා කරලා ඉක්මනින් රියදුරන් ලබාදීම සඳහා කටයුතු යොදනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya