රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේ උද්ධමනය අඩුවීම භාණ්ඩ මිල අඩුවීම කෙරෙහි බලපෑමක් ඇත්ත යන්න සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් කළ විමසුමකට පිළිතුරු වශයෙනි.
වෙළඳ භාණ්ඩ අඩුවැඩිවීම තුළින් උද්ධමන තත්වය තීරණය කළ නොහැකි බවත්, උද්ධමනය අඩු වැඩිවීම යනු දිගුකාලීන තාක්ෂණික තත්වයක් බවත්, ඉදිරි වර්ෂ කිහිපය තුළදී උද්ධමන තත්වය 12%ක් 15%ක් අතර තත්වයට පත්වනු ඇති බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.