නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශපාලන මැදිහත්වීම් මත මාර්ගස්ථ මගී ප්‍රවාහන බලපත් ලබා දී නැහැ - ප්‍රවාහන අමාත්‍ය

    අප්‍රේල් 25, 2023

    දේශපාලන මැදිහත් වීම් මත, මාර්ගස්ථ මගී ප්‍රවාහන බලපත් ලබා නොදීමට තමා උපදෙස් දී ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ  පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි. පුද්ගලික බස්රථ සඳහා අධිවේගී ගමන් බලපත්‍ර 35ක් දේශපාලන හිතවතුන්ට ලබාදී ඇති බවට පැනනැගී ඇති චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු  සිදුකළ විමසීමට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    මීට පෙර බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් විවිධ වංචා, දූෂණ, අක්‍රමිකතා සහ විවිධ චෝදනා රාශියක් එල්ලවී ඇතැයිද, එමනිසා මේ සඳහා ක්‍රමවත්, විනිවිද පෙනෙනජාතික වැඩසටහනක් සකස් කිරීමකින් තොරව කිසිම කෙනෙකුට ස්ථිර මාර්ග බලපත්‍රයක් ලබා නොදෙන ලෙස නියෝගය කළ බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

    ඉදිරි දින 30 තුළදී මාර්ග හා බලපත්‍ර ලබාදෙන ක්‍රමවේදය පිළිබඳව ප්‍රසිද්ධ මාධ්‍ය වල දැන්වීමක් පළකර බලපත්‍ර ලබාදීමට කටයුතු කරන බවද අවධාරණය කළේය.

    මෙවැනි චෝදනා පවතී නම් ඒවා ඔප්පු කර අවශ්‍ය අයට නිසි දඬුවම් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අදාල සියලු සාක්ෂි කැඳවා අපක්ෂපාතී වාර්තාවක් තමාවෙත ලබාදෙන ලෙස පොලිස්පතිතුමාට නියම කර ඇති බවද  අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya