විදේශ ගත ශ්‍රමිකයින්ටත් විදේශ රැකියාවල නිරතව මෙරටට පැමිණ ව්‍යවසායකයින් ලෙස කටයුතු කිරීමට අපේක්ෂිත අයටත් රුපියල් මිලියන 02 දක්වා අඩු පොලී ණය පහසුකම් ලබා දීමට කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කළ බවද හෙතෙම සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා පැවසුවේ, විදේශ රැකියාවල නිරතවන ගෘහ සේවිකාවන්ගේ පවුල්වල තත්වය ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසු නිරන්තරයෙන් පසුවිපරම් කරන බවයි.
විදේශ ගත ශ්‍රමිකයින්ගේ වගේම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුබසාධනය හා ආරක්ෂාව සම්බන්ධයෙන් කාර්යාංශය කටයුතු කරනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා රැකියා සදහා පිටත්ව යන සියලුම ශ්‍රමිකයින්ගේ දත්ත කාර්යාංශයේ පරිඝනක පද්ධතියේ ඇතුළත් වෙනවා. ඒ වගේම විදේශ රැකියා අමාත්‍යාංශය යටතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයවලට අනුයුක්ත කර සිටින සංවර්ධන නිලධාරීන් හරහා පවුල්වල සුබසාධනය හා ආරක්ෂාව සම්බ්නධයෙන් කටයුතු කරනවා.
රට ගියාම පවුලේ අය ගැන බලා ගන්නවා වගේම, රට ගොස් නැවත පැමිණෙන ශ්‍රමිකයා සවිබල ගැන්වීමටත් කටයුතු කරනවා. විදේශ ගත ශ්‍රමිකයින්ට මිලියන දෙකක් දක්වා අඩු පොලීයට ණයක් ලබාගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ අයට වගේම නැවත ලංකාවට පැමිණි ශ්‍රමිකයින් ව්‍යවසායකයින් බවට පත් කිරීමට මෙම ණය ක්‍රමය තවත් පුලුල් කරන්න කියලා ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ අංශය මගින් විදේශ රැකියාවල නියුතුවූවන්ගේ ගැටලුවලට විසදුම් ලබාදෙනවා.