ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් යුතු සාමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විතව එම අනුකමිටුව පත්කිරීමට නියමිතය.
මේ පිළිබඳව අදහස් දැක් වූ සම කැබින්ට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, අද ලෝකයට ගැළපෙන දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා වර්ධනය කරන, දේශීය ආර්ථිකයට ගැළපෙන දරු පරපුරක් බිහි කිරීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවයි. රටේ ආර්ථක ස්ථාවරත්වය ළගා කර ගැනීමේ ක්‍රියාවලිය අතරතුර කඩිනමින් ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතු ප්‍රධානතම අංශයක් වශයෙන් රජය විසින් අධ්‍යාපන ක්ෂේත්‍රය හඳුන්වා දී තිබේ. ඒ අනුව අදාළ සියලු පාර්ශවයන්ගේ දායකත්වයෙන් නව අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කර ක්‍රියාත්මක කළ යුතුව තිබේ.