මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති අරමුදල සඳහා මුදල් පරිත්‍යාගයක්

    අප්‍රේල් 24, 2023

    කිංකුසල ගවේශී සංගමයේ නිර්මතෘ සහ එහි සභාපති විශ්‍රාමලත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් සේනානායක මහතා, සිය ලේඛන කටයුතු වලින් සහ දේශන පවත්වා ලබන ආදායමෙන් රුපියල් මිලියන දෙකක් ජනාධිපති අරමුදලට පරිත්‍යාග කිරීම සඳහා අද (24) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත බාර දුන්නේය.

    ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේ උතුරු නැගෙනහිර පළාතේ පැවති යුද්ධයේදී පාද අහිමි වූ කාන්තාවන්ට කෘතීම පාද ලබාදීම සඳහා එම මුදල් වෙන් කරන බවයි.

    ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම් (මූල්‍ය) ඩ්බ්.ඒ සරත් කුමාර, කිංකුසල ගවේශී සංගමයේ ලේකම් ඒ.බී වික්‍රමසිංහ, කිංකුසල ගවේශී සංගමයේ හිටපු තරුණ කටයුතු ලේකම් නීතිඥ පියතිලක මුතුගම යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya