මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෛද්‍ය උපදෙස් ලබාදීමේ ක්ෂණික දුරකථන ඇමතුම් සේවාවක්

    අප්‍රේල් 24, 2023

    වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේ ක්ෂනික ඇමතුම් සේවාවක් ඉන්දියාවේ ඇපලෝ රෝහල හා එහි මෙරට කාර්යාලය එක්ව ආරම්භ කෙරේ.

    මෙරට ජීවත් වන ඕනෑම පුද්ගලයෙකු හට තමන්ට පවතින සෞඛ්‍ය ගැටලුවලට වෛද්‍ය උපදෙස් ලබාදීමේ ක්ෂණික දුරකථන ඇමතුම් සේවාවක් " Help Line For Free Medical " නමින් පසුගියදා ආරම්භ කරනු ලැබීය.

    සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි සමාරම්භක අවස්ථාව කොල්ලුපිටිය සංචාරක හෝටලයකදී පැවැත්විණි.

    ඉන්දියාවේ "ඇපලෝ" රෝහල හා එහි ශ්‍රී ලංකාවේ නියෝජිත කාර්යාලය විසින් මෙම ඇමතුම් සේවාව හා ප්‍රතිකාර සේවාව ක්‍රියාත්මක කරනු ලැබේ.

    මෙම ඇමතුම් සේවාව මගින් මෙරට ජීවත් වන පුරවැසියන් හට නොමිලේ වෛද්‍ය උපදෙස් ලබාදෙන අතර මෙරට වෛද්‍ය පහසුකම් නොමැති රෝගී තත්ත්වයන් වලදී එම රෝගීන් ඉන්දියාවේ චෙන්නායි ඇපලෝ රෝහල වෙත ගෙන ගොස් ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයක්ද මෙහි ක්‍රියාත්මකය.

    අංක 466 , ගාලු පාර , කොළඹ 03 . ලිපිනයේ මෙම ඇමතුම් මධ්‍යස්ථානය පවත්වාගෙන යන අතර 0773679122 / 07775 28 588/ 0777719558 යන දුරකථන අංක වලට ඇමතීමෙන් වෛද්‍ය උපදෙස් ලබා ගත හැක.

    මෙම අවස්ථාවට ඉන්දියාවේ ඇපලෝ රෝහලේ උප සභාපති Jithu Jose , ඇපලෝ රෝහලේ ශ්‍රී ලංකාවේ කාර්යාලයේ ප්‍රධාන විධායක නිළධාරිනි වෛද්‍ය නිල්මිණි විතාරණ යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ .

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya