මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Navy Cup Sailing Regatta - 2023' ගාලු මුව‍දොර මුහුදු තීරයේදී සාර්ථකව නිමාවට පත්‍ වෙයි

    අප්‍රේල් 24, 2023

    'Navy Cup Sailing Regatta - 2023' රුවල් යාත්‍රා තරඟාවලිය, 2023 අප්‍රේල් මස 22 සහ 23 යන දිනයන්හීදි ගාලු මුවදොර මුහුදු තීරයේදී සාර්ථකව පවත්වන ලද අතර, තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත පදක්කම් සහ කුසලාන පිරිනැමීම 2023 අප්‍රේල් මස 23 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ‍ගේ ප්‍රධානත්වයෙන් එම වෙරළ තීරයේදී පැවැත්විණි.

    ශ්‍රී ලංකා රුවල් යාත්‍රා සංගමයේ (Yachting Association of Sri Lanka – YASL) අධීක්‍ෂණය යටතේ Optimist Class, ILCA 4 Class, ILCA 6 Class, ILCA 7 Class, Wind Surfing, Enterprise Class සහ GP 14 Class වශයෙන් කාණ්ඩ හතක් (07) යටතේ දෙදිනක් පුරා පැවැත්වුණු මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතය, කොළඹ රාජකීය විද්‍යාලය, ශාන්ත තෝමස් විද්‍යාලය, කාන්තා විද්‍යාලය, මෙතෝදිස්ත විද්‍යාලය, Benthota Wind Surfing Club, Ceylon Motor Yacht Club, Future Fibres, Royal Colombo Yacht Club සහ Ruhunu Sailing යන ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 73 දෙනෙකු සහභාගී වන ලද අතර, රුවල් යාත්‍රා 48 ක් එක්විය.

    ඒ අනුව, ILCA 6 කාණ්ඩයේ රන් පදක්කම සුළු නිලධාරි පීඩීඩීඑස් රාජපක්ෂ විසින් දිනාගන්නා ලද අතර, එහි ලෝකඩ පදක්කම නායක නැවි කේසී ද සිල්වා විසින්ද දිනාගන්නා ලදි.

    ILCA 7 කාණ්ඩයේ රන් පදක්කම නායක නැවි ජේඑස් සෙනෙවිරත්න විසින් දිනාගන්නා ලද අතර, එහි රිදී පදක්කම නායක පාබල යූඩි රාජපක්ෂ විසින්ද, ලෝකඩ පදක්කම ප්‍රධාන සුළු නිලධාරි ‍කේජිසීයූඑස් බණ්ඩාර විසින්ද දිනාගන්නා ලදි.

    Wind Surfing කාණ්ඩයේ රන් පදක්කම නායක නැවි කේපීපී ගුණවර්ධන විසින්ද, එහි ලෝකඩ පදක්කම සුළු නිලධාරි ඩබ්ඒඑස් වීරතුංග විසින් දිනාගන්නා ලදි.

    Enterprise කාණ්ඩයේ රන් පදක්කම නායක නැවි ඒඑම්ටීපී අත්නනායක සහ නායක නැවි කේඑස්කේ ද සිල්වා විසින්ද, එහි රිදී පදක්කම නායක පාබල ජේඑච්එම්පීඅයි ජයපද්ම සහ බලනැවි ජේඑස්අයිකේ සෙනරත් විසින්ද, ලෝකඩ පදක්කම ප්‍රධාන සුළු නිලධාරි ජේඑච්ටීසි අප්පුහාමි සහ නායක නැවි කේවීඑන් කිත්සිරි විසින් දිනාගන්නා ලදි.

    GP 14 කාණ්ඩයේ රන් පදක්කම සමුහ ප්‍රධාන සුළු නිලධාරි ජේඑම්පීඑල් ජයසූරිය සහ නායක නැවි ඒඑස්කේ ද සොයිසා විසින්ද, එහි රිදී පදක්කම නායක නැවි එස්පීපීඑන් කුමාර සහ බලනැවි එල්ඒසීඑම් ගුණතිලක විසින්ද, ලෝකඩ පදක්කම නායක නැවි ඩබ්ඒඩීආර් කුමාර සහ නායක ඉංජිනේරු කාර්මික ජේපීඑස් ද සිල්වා විසින් දිනාගන්නා ලදි.

    Single Handed Open Championship (All Laser Classes) රන් පදක්කම ප්‍රධාන සුළු නිලධාරි කේජීසියූඑස් බණ්ඩාර විසින්ද, එහි රිදී පදක්කම නායක නැවි ජේඑස් සෙනවිරත්න විසින්ද, ලෝකඩ පදක්කම නායක පාබල යූඩි රාජපක්ෂ විසින් දිනාගන්නා ලදි.

    Double Handed Open Championship (Enterprise Class) රන් පදක්කම සමුහ ප්‍රධාන සුළු නිලධාරි ජේඑම්පීඑල් ජයසූරිය සහ නායක නැවි ඒඑස්කේ ද සොයිසා විසින්ද, එහි රිදී පදක්කම නායක පාබල ජේඑච්එම්පීඅයි ජයපද්ම සහ බලනැවි ජේඑස්අයිකේ සෙනෙවිරත්න විසින්ද, ලෝකඩ පදක්කම නායක නැවි ඒඑම්ජේපී අත්තනායක සහ නායක නැවි කේඑස්කේ ද සිල්වා විසින් දිනාගත් අතර, මෙම තරඟාවලියේ සමස්ත ශූරතාවය සහ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ කුසලානය ශ්‍රී ලංකා නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතය විසින් හිමි කර ගැනීමට සමත් විය.

    මෙම තරඟාවලිය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ප්‍රථමයෙන් ජයග්‍රහණය කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත සුභාශිංසන පිරිනැමීමට කටයුතු කරන ලද අතර, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, මෙම රුවල් යාත්‍රා තරඟාවලිය නාවික හමුදාවේ කිර්තිමත් නාවික හමුදාධිපතිවරයෙකු මෙන්ම, ක්‍රීඩාවට ඉමහත් ඇල්මක් දැක්වූ නිලධාරියෙකු වන අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණය කිරීම පිණිස නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන බව ප්‍රකාශ කරන ලදි.

    එමෙන්ම, රුවල් යාත්‍රා හැසිරවීම ප්‍රගුණ කිරීම තුලින් පුද්ගලයෙකුට සිය ජීවිතය පිළිබඳ අධ්‍යනය කිරීමටත්, දුෂ්කර අවස්ථා සහ අභියෝග ජය ගැනීමට පන්නරය ලබා ගැනීමට ඉවහල් වන බවත්, ක්‍රීඩාවේ නිරතවීම තුළින් ක්‍රීඩාව පමණක් නොව සිය වෘත්තීය ජීවීතයේද අභියෝග මනාව ජය ගැනීමට මහඟු පිටුවහලක් වන බවත් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින ලදි.

    තවද, මෙම අවස්ථාව සඳහා අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු නිලධාරීතුමන්ගේ මැතිණිය මොනිකා ප්‍රනාන්දු , හිටපු නාවික හමුදාධිපතිවරුන්, අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, ශ්‍රී ලංකා රුවල් යාත්‍රා සංගමයේ නිලධාරීන්, නාවික හමුදා ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, නාවිකයින් පිරිසක් සහ මෙම තරඟාවලිය සඳහා සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පවුල්වල සාමාජිකයන්ද සහභාගී වී සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya