මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටක ජාතික අභිලාෂ ඉටුකර ගැනීමේ ලා රාජතාන්ත්‍රික භාවය තානාපති සේවය ඉතා වැදගත් භූමිකාවක් ඉටුකරනු ලබනවා

    අප්‍රේල් 24, 2023

    රටක ජාතික අභිලාෂ ඉටුකර ගැනීමේ ලා රාජතාන්ත්‍රික භාවය තානාපති සේවය ඉතා වැදගත් භූමිකාවක් ඉටුකරන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පැවති (24)ලෝක සෞඛ්‍ය සංවිධානයේ හැත්තෑ පස්වන සංවත්සරයට සමගාමීව සන්ෆෝ (sunfo) ආයතනය විසින් ඉන්දියාවේ හයිද්‍රාබාද් මහජන සෞඛ්‍ය ආරක්ෂණ කවුන්සලය හා ඒකාබද්ධව පාරම්පරික වෛද්‍ය ක්‍රම උපායන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා බණ්ඩානායක බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති තිරසර සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
    මෙහිදී ජී20 රටවල් පදනම් කරගෙන සන්නාම තානාපතිවරුන් ලෙස තරුණ තරුණියන් විසි දෙනකු පත් කිරීම සහ ඔවුන්ගේ සහතික පත් ප්‍රධානයද අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණි.


    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා.
    රටක ජාතික අභිලාෂ ඉටුකර ගැනීමේ ලා රාජතාන්ත්‍රික භාවය තානාපති සේවය ඉතා වැදගත් භූමිකාවක් ඉටුකරනු ලබනවා. නමුත් අප රටේ තානාපති සේවය සඳහා බොහෝවිට පත්වන්නේ විශ්‍රාම ගිය නිලධාරි පිරිසක් වීම හේතුකොටගෙන රටට ලැබිය යුතු ජාත්‍යන්තර සහයෝගය, ජාත්‍යන්තර ආයෝජන, ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රතිපත්ති, ජාත්‍යන්තර ආධාර ලබා ගැනීමේ මන්දගාමී ක්‍රමවේදයක් පසුගිය දශක ගණනාවක් තිස්සේ අපට නිරීක්ෂණය වී තිබෙනවා, ඒ නිසා රටක තානාපති සේවය ප්‍රතිසංවිධානය කර රටේ මහජනතාවගේ ජාතික අභිලාෂයන් ඉටු වන තානාපති සේවයක් ලැබීම පුරවැසියා පැත්තෙන් විශාල ජයග්‍රහණයක්..අද මේ සන්නාම තානාපතිවරු ලෙස තේරී පත් වූ තරුණ තරුණියන් දකින විට අප රටේ තානාපති සේවයට ද මෙවැනි දක්ෂ තරුණ තරුණියන් යැවීමේ ක්‍රමවේදයක් ඇති කළොත් ප්‍රතිලාභ රැසක් රටකට..හිමි වෙනවා ...මේ ගැන රටක් වශයෙන් සිතා බැලීමේ කාලය දැන් එළඹ තිබෙනවා. ශ්‍රී ලංකාවේ සාර්ක් කලාපයේ තිබෙන භූදේශපාලනික කේන්ද්‍රස්ථානයක් සාර්ක් කලාපයේ නායකත්වය හිමි හිමිවෙන් ඉන්දියාවට නමුත් දශක දෙකකට ආසන්න කාලයක් සාර්ක් සංවිධානයේ ක්‍රියාකාරිත්වය අඩපණ වී තිබෙනවා, ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාගේ විදේශ ප්‍රතිපත්තියේ විශේෂත්වයක් තිබෙනවා, ඉන්දියානු විදේශ ප්‍රතිපත්තියේ ඒ වෙනස තමයි අසල්වැසියා හොඳම මිතුරා ලෙස සැලකීමේ ක්‍රමවේදය ඉතාම වැදගත් ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර පවතින මිත්‍රත්වයේ දීර්ඝ ඉතිහාසයක් තියෙනවා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින සංස්කෘතික සැබැඳියාව ශතවර්ෂ ගණනාවක් තිස්සේ අප දෙරට අතර ශක්තිමත් භාවය වර්ධනය කර තිබෙනවා,බුදු දහම ලැබීමේ සිට මහා භාරතයේ සමග තියෙන ගනුදෙනුව ඉතා ප්‍රබලයි,ඒ ඒ සංස්කෘතික සබැඳියාව අප රටවල් දෙකටම ඉතාම වැදගත් වෙනවා.ඒ නිසා මම ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා ගෙන් ඉල්ලා සිටිනවා දැනට අඩපණ වී තිබෙන සාර්ක් සංවිධානයේ යළිත් පණ ගැන්වීමට ඉන්දියාවේ නායකත්වය ලබා දෙන ලෙස අප ඉල්ලා සිටිනවා එය දකුණු ආසියාතික කලාපයටම ඉතාමත්ම වැදගත් සංවිධානයක්, ඉන් විශාල ප්‍රතිලාභයක් අප රටවල් වලට ලැබුණා,එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දිනය සමරන අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ නරේන්ද්‍ර මෝදි මැතිතුමා 1990 ගිලන් රථ සේවාව පමණක් නොවෙයි ජාත්‍යන්තර සංස්කෘතික මධ්‍යස්ථානයක් ද අපට ලබාදී තිබුණා, ජාත්‍යන්තර සබඳතා විෂය නුතන ජාත්‍යන්තර දේශපාලනයේ ඉතා වැදගත් භූමිකාවක්. සංස්කෘතික සබඳතා, ආරක්ෂක සබඳතා මේ සියල්ල තීරණය වෙන්නේ රටවල් අතර පවතින අන්‍යෝන්‍ය මිත්‍රත්වය සහ විශ්වාස මතයි.

    ඒ නිසා මේ විෂය අධ්‍යයනය කිරීමට මේ විෂය ශාස්ත්‍රීය දින කිරීමට,මේ විෂය ප්‍රායෝගික වර්ධනය කිරීමට අප රටේ තරුණ තරුණියන්ට වැඩි අවස්ථාවක් ඉඩකඩක් ලබා දිය යුතුයි, එයින් එක් පැත්තකින් රටක ජාතික අභිලාෂය සාර්ථකව ඉටු කිරීමට පුහුණු වෘත්තිකයන් පිරිසක් බිහි වෙනවා වගේම ජාත්‍යන්තර සබඳතා විෂයයෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධානවල සහාය ශ්‍රී ලංකාවට ලබාගැනීමේ හැකියාවද පවතින බව මෙහිදී අමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya