මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක මෙතෝදිස්ත සාම ත්‍යාගයෙන් පිදුම් ලැබු ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ මහා නායක එබනේසර් ජෝශප් දේවගැතිතුමා ඇගයේ..

    අප්‍රේල් 24, 2023

    ලෝක මෙතෝදිස්ත සාම ත්‍යාගයෙන් පිදුම් ලැබු ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ මහා නායක එබනේසර් ජෝශප් දේවගැතිතුමාගේ සේවය අප රට තුළ පුළුල් ලෙස පිළිගැනීමට ලක් නොවීම කණගාටුදායක කරුණක් බවත්, එතුමන්ගේ ජයග්‍රහණ පිළිබඳව ඇදහිය නොහැකි තරම් ආඩම්බර වන බවත්, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේ ය.

    බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කළ, ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ මහා නායක එබනේසර් ජෝශප් දේවගැතිතුමා ඇගයීමේ වැඩ සටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පසුගියදා (20) පැවැසී ය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළේ ය.

    සමාජයෙන් නොලැබුණත්, එතුමන් කළ සේවය වෙනුවෙන් ලැබිය යුතු ඉහළම පිළිගැනිම දේව රාජ්‍යයේ දී ඔහුට ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත්, වෙනත් රටකට සංක්‍රමණය වීමට විකල්පයක් තිබියදීත්, ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් රට දැය වෙනුවෙන් කරන්නා වූ සේවාවට සිය ස්තුතිය පළ කරන බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.

    දකුණු ඉන්දියානු සභාවේ යාපනය දියෝකීසයේ අතිඋතුම් දේවධර්මාචාර්ය වේලුප්පුල්වල් පද්මදයාලන්ද රදගුරු හිමිපාණන් වහන්සේ,අන්තර් ආගමික හා කිතුණු සභා සමගිය පිළිබඳ ජාතික අධ්‍යක්ෂ හා කුරුණෑගල පදවි අනුනායක අතිගරු පියල් ජානක ප්‍රනාන්දු පූජාප්‍රසාදීන් වහන්සේ, ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ මහ ලේකම් ගරු සුජිතාර් සිවනායගම් දේවගැතිතුමා,ප්‍රධාන අණදෙන නිලධාරී කර්නල් නිහාල් හෙට්ටිආරච්චි, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ,ක්‍රිස්තියානි කටයුතු අධ්‍යක්ෂ චතුරි පිංතු යන මහත්ම මහත්මිහු සහ නිලධාරිහු සහ සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්වුහ.
    --

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya