මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලාංකික විචිත්‍රත්වය ඇමෙරිකාවට ගෙන යන The Beauty Of Sri Lanka ( Sri Lanka In Focus-2023 )ඡායරූප ප්‍රදර්ශනය ඇරඹේ

    අප්‍රේල් 23, 2023

    ශ්‍රී ලාංකික විචිත්‍රත්වය ඇමෙරිකාවට ගෙන යන The Beauty Of Sri Lanka ( Sri Lanka In Focus-2023 )  ඡායරූප ප්‍රදර්ශනය ඇරඹේ-

    The Beauty Of Sri Lanka ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය සුබ පැතුම් එක් කරයි

    ශ්‍රී ලාංකික විචිත්‍රත්වය ඇමෙරිකාවට ගෙන යන The Beauty Of Sri Lanka ( Sri Lanka In Focus-2023 )ඡායරූප ප්‍රදර්ශනය ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර,කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ දී (අප්‍රේල් 22 දින )අභිමනවත්ව ආරම්භ විය.

    විචිත්‍රවත් දිවයිනක කතාන්දරය මෙවරත් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර දිග හැරෙන්නේ ලොව විශිෂ්ට ඡායාරූප කලාවේදීන් රැසකගේ නිර්මාණ දායකත්වයේ අග්‍රඵලයක් ලෙසයි.

    ලොව සුවිශේෂී සුන්දරත්වයක් සහිත දිවයිනක් ලෙස ශ්‍රී ලංකාව තව තවත් ලොවට හඳුන්වාදීම මෙහි ප්‍රධාන අරමුණක්. ශ්‍රී ලාංකික විචිත්‍රත්වය ලොවට කියාපාන හා දේශීය අනන්‍යතාව ලොවට ප්‍රදර්ශනය කෙරෙන The Beauty Of Sri Lanka -2023 ඡායාරූප ප්‍රදර්ශනය සහ ප්‍රවර්ධන වැඩසටහන ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර කැලිෆොනියා විශ්වවිද්‍යාලයේ ( UCLA) පැවැත්වෙන්නේ එම අවංක අරමුණ පෙරදැරිවය.මෙවර ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ තෙවැනිවරටය. කොවිඩ් වසංගතය හේතුවේ අඛණ්ඩව වසරක් පාසා පැවැත්වෙන
    ප්‍රදර්ශනයට පසුගිය වසර දෙකේ දී බාධා එල්ල වුවත් ඇමෙරිකා ශ්‍රී ලංකා ඡායාරූප සංගමය විවිධ අධ්‍යාපනික වැඩසටහන් මෙන් ම සමාජ සේවා වැඩසටහන් රැසක් එම කාලය පුරා සිදු කිරීමට නියමිතය.

    ඇමෙරිකා ශ්‍රී ලංකා ඡායාරූප සංගමයේ සභාපති වනජීවී ඡායාරූපශිල්පී සූරිය පෙරේරා මහතාගේ අධීක්ෂණය හා මගපෙන්වීම මත එම සංගමයේ සියලු සාමාජිකයින්ගේ දායකත්වයෙන්
    සහ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටි කොන්සියුලර් කාර්යාලයේ සහයෝගයෙන් මෙම The Beauty Of Sri Lanka ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණි.

    ලොස් ඇන්ජලීස් නුවර පිහිටි කොන්සියලර් ජනරාල් කාර්යාලයේ කොන්සියුලර් ජනරාල් ආචාර්ය ලලිත් පී.චන්ද්‍රදාස මහතා මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර, මහාචාර්ය බ්‍රෙඩ් ෂෆර් ( Prof Brad Shaffer )(Founding Director of the UCLA La kretz Center for California Conservation Seience ) මහතා විසින් කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් දේශනයක් සිදු කළේ ය.

    එමෙන් ම ලෝක මිහිතල දිනය සැමරෙන දින මෙම ප්‍රදර්ශනය ආරම්භ කිරීමට සංවිධායන කළ ඇමරිකා ශ්‍රී ලංකා ඡායාරූප සංගමය ,මෙම මිහිතලයේ සුන්දරම දිවයිනක් ලෙස ශ්‍රී ලංකාව ඔසවා තැබීමට ක්‍රියා කළේ ය.

    මෙම ප්‍රදර්ශනයට සමගාමීව තවත් වැඩසටහනක් කීපයක් සංවිධායනය කර ඇත.මිහිකත දින සැමරුම (Earth day award Cermony) තල්මසුන් ඡායාරූපගත කිරීමේ වැඩසටහන ( whale Watching photography tour ) , යුෂුමිටි ( Yosemite ) ජාතික උද්‍යානයේ සංචාරය සහ වැඩමුළුව, දැනුම වැඩෙන අධ්‍යාපනික වැඩසටහන,ශ්‍රී ලංකාවේසංචාරක ආකර්ෂණය සාකච්ඡාවට ගැනෙන සජීවී සංවාදය (live Discussion ), ප්‍රවර්ධන කඳවුර ( American Nature Photographers),කුරුළු ඡායාරූප වැඩමුළුව (Bird Walk ) , සහ අවසානයේ පැවැත්වෙන මාධ්‍ය හමුව (Media Conference ) මෙම ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙයි.


    මීට සමගාමීව ඇමෙරිකා ශ්‍රී ලංකා හායාරූප සංගමයේ සභාපති ප්‍රවීන වනජීවී ඡායාරූප ශිල්පී සූරිය පෙරේරා මහතා විසින් රචිත The Kingdom of Ruhuna සහ Yala National Park in Sri Lanka යන කෘති ද්විත්වය දොරට වැඩීම ද මීට සමගාමීව සිදු කළේ ය. කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සිදු කළ පර්යේෂණය ඇසුරෙන් මෙම කෘති සම්පාදනය කර තිබේ.

    පසුගිය වර මෙන්ම මෙවර පැවැත්වෙන ඡයාරූප ප්‍රදර්ශනය සඳහාද දෙස් විදෙස් සම්මානයෙන්,ඇගයීමට පාත්‍ර වූ සුවිශේෂී ඡායාරූප කලාවේදින් රැසක් සහභාගී වෙයි. ඇමෙරිකවේ කැලිපෝනිය විශ්වවිද්‍යාලයේ ආර්ට් ගැලරියේ දී පැවැත්වෙන මෙම සුවිශේෂී ඡායාරූප ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලාංකික ඡයාරූප ශිල්පීන් එකවර සහභාගී වන්නේ දෙවන වරටය. මෙවර ප්‍රදර්ශනය සඳහා සංචාරක ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත ඡායාරූප ශිපියෙකු වන චිත්‍රාල් ජයතිලක( Chitral Jayatilake ), වනජීවී ඡායාරූප ක්ෂේත්‍රය නියෝජනය කරමින් ලක්ෂිත කරුණාරත්න ( Lakshitha Karunarathna,) , ප්‍රවීන ඡායාරූප ශිල්පිනියක වනහිරන්ති ද සිල්වා, Ms. Hiranthi De Silva ජාත්‍යන්තර සම්මානලාභී කේ.ජී.කීර්තිරත්න, යන ඡායාරූප කලාවේදීන් සහභාගී වෙයි.එමෙන්ම ඇමරිකාවේ වෙසෙන විශිෂ්ඨ ඡායාරූප ශිල්පීන් වන සංජය වර්ණසූරිය,ඇන්ඩි සමරසේන,ශාන්ත වීරසිංහ සහභාගී වෙයි. මොවුන් සියලු දෙනා ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වීම ද විශේෂත්වයයි.

    ඇමෙරිකා ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමයේ සභපති සූරිය පෙරේරා මෙම කාර්ය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදෙයි. මෙම ඡායාරූප ප්‍රදර්ශනය තුළින් ශ්‍රී ලාංකීය විශිෂ්ඨ ඡායාරූප ශිල්පීන් රැසකට තම හැකියාවන් ලොවට ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව උදා වී තිබෙන බව කීය. ඔවුන් සියලු දෙනාට ම ඇමෙරිකාවට පැමිණ ඒ සඳහා දායකත්වයක් ලබාදීමට අවස්ථව සළසා දීම සම්බන්ධයෙන් ඇමෙරිකානු රජයේ සියලු පාර්ශවයන්ට තම ස්තූතිය පුදකරන බවද සූරිය පෙරේරා මහතා සඳහන් කළේ ය.

    ශ්‍රී ලංකාවේ විශිෂ්ඨත්වය ලොවට ගෙනා ප්‍රවීණ ඡායාරූපශිල්පීන්ට සම්මාන ප්‍රදානය කිරීමද මේ අවස්ථාවේ දී සිදු කළේ ය. ඒ සඳහා ඇමෙරිකාවෙ ශ්‍රී ලංකා ඔන්සියුලර් ජනරාල් ආචාර්ය ලලිත් පී.චන්ද්‍රදාස මහතා ප්‍රධාන ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් සිදුවිය. මෙම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් මහත්මිය විසින් සුබ පැතුමක් එක් කර තිබීම විශේෂත්වයක් විය.

    මේ අවස්ථාවට, ඇමෙරිකවේ වෙසෙන මහා සංඝරත්නය, ඇතුළු  ශ්‍රීලාංකිකයින් රැසක්  එක්ව සිටියහ.

    bb1

     bb2

    bb3

     

    bb10

    bb12

     

     

    bb23

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya