මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල වලහන්දූව වතුයායේ අක්කර 100 ක නව වගා ඇරඹේ

    අප්‍රේල් 23, 2023

    ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් ගාල්ල වලහන්දූව වතුයායේ අක්කර 100 ක භූමි පරිශ්‍රයක තේ , පොල් , රබර් සහ කුරුදු නව වගාවන් ආරම්භ කිරීම පසුගියදා ( අප්‍රේල් 20) සිදුකෙරිණි.

    රාජ්‍ය වැවිලි සංස්ථාව මූලිකත්වය ගත් මෙම ව්‍යාපෘතියට තේ මණ්ඩලය , තේ පර්යේෂණ ආයතනය , පොල් පර්යේෂණ ආයතනය , පොල් සංවර්ධන මණ්ඩලය , සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුව, රබර් පර්යේෂණ ආයතනය ,කුඩා තේවතු සංවර්ධන අධිකාරිය ආදි වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ වන ආයතන රැසක සහයෝගීතාවය හිමිවිය. මෙලෙස ආරම්භ කෙරුණු මෙම සියළු නව වගාවන් තාක්ෂණයට අනුගතව අනාගතවාදීව සිදුකෙරෙන අතර ප්‍රජා සහභාගිත්වය සහිතව මිශ්‍ර අතුරුභෝග වගාවන් සිදුකිරීමටද නියමිත වෙයි.

    එහිදී දකුණු පළාත් මාධ්‍ය වේදීන්ගෙන් සමන්විත දකුණු පළාත් මාධ්‍ය මධ්‍යස්ථානය වෙත කාර්යාල පරිශ්‍රයක් ඉදිකරගැනීම වෙනුවෙන් වලහන්දූව වතුයායෙන් ඉඩම් කොටසක් පොදු කටයුත්තක් සේ සලකා ලබාදීමද සිදුකෙරිණි.

    එම අවස්ථාවට වැවිලි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ , වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජානක ධර්මකීර්ති , අතිරේක ලේකම්වරුන් ඇතුළු නිළධාරින් , රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති ශ්‍රීමාල් විජේසේකර ඇතුළු වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ආයතනයන්හි සභාපතිවරුන් , ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya