මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    06 වැනි ශ්‍රේණිය සඳහා පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ අභියාචනා මාර්ගගතව

    අප්‍රේල් 23, 2023

     2022 වර්ෂයේ පැවැත්වූ 05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2023 වර්ෂයේ 06 ශ්‍රේණිය සඳහා පාසල්වලට ඇතුළත් වීමේ අභියාචනා ඉදිරිපත් කිරීම මාර්ගගත ව සිදු කිරීම සඳහා අයදුම්පත් කැඳවා තිබේ.

    2023.04.20 දින දහවල් 12.00 සිට මැයි මස 08 දින රාත්‍රී 12.00 දක්වා එම අභියාචනා මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කිරීම සඳහා කාලය වෙන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි. https://g6application.moe.gov.lk/#/ යන වේබ් අඩවිය වෙත පිවිසීමෙන් මාර්ගගත අභියාචනා අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකි ය. එහි දී පාසල් ඉල්ලුම් කිරීමට අදාළ පාසල් සංගණන අංක (Census No.) සහිත ලේඛනය www.moe.gov.lkවෙබ් අඩවියට පිවිසීම මඟින් ලබා ගත හැකි ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya