මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්රිය දෙපාර්තමේන්තුව ආදායම් ඉපැයිය හැකි ආයතනයක් බවට පත් කර ගත හැකියි

    අප්‍රේල් 22, 2023

    වාණිජමය වශයෙන් සිතා කටයුතු කළහොත් ඉදිරි වසර දෙක තුළදී දුම්රිය දෙපාර්තමේන්තුව ආදායම් ඉපැයිය හැකි ආයතනයක් බවට පත් කර ගත හැකි බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  අද (22)ප්‍රකාශ කළේය.


    දෙපාර්තමේන්තුවක් ලෙස සංවර්ධනය සඳහා පවතින සීමාවන් මගහැරීමට නම් දුම්රිය අධිකාරියක් බවට පත්කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.  

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ  ඇල්ල දුම්රිය ස්ථානයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් ඇතුළු දුම්රිය මගීන්ගේ පහසුව උදෙසා ස්ථාපනය කරන ලද නව මාර්ගෝපකරණ කාර්යාලය, පාර්සල් කාමරය ඇතුළු පහසුකම් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිණි.

    ඇල්ල දුම්රිය ස්ථානයට පැමිනෙණ දෙස් විදෙස් සංචාරකයින්ට ප්‍රදේශයේ අවට සංචාරක කටයුතුවල නිරතවීමේ දී සිය වටිනා බඩුබාහිරාදිය ආරක්ෂිතව තැන්පත් කර තැබීමේ පහසුකම් ඇතුළු සේවාවන් රැසක් ලබාගැනීමේ අවස්ථාව මේ සමග හිමිවේ.

    මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ,

     දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉහල ආකර්ෂණයක් සහිත ඇල්ල දුම්රිය ස්ථානය මෙරට දුම්රිය සේවයට ලබා දෙන්නේ විශාල දායකත්වයක් බවයි.  එහිදී දුම්රිය ස්ථානයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් සපුරාලමින් විවෘත වන මෙම සේවාවන් මෙහි පැමිණෙන මගී ජනතාව තවදුරටත් දුම්රිය ස්ථානය වෙත ආකර්ෂණය කිරීමට හේතුවක් වනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

    ටක් වශයෙන් සංවර්ධනය උදෙසා නව උපාය මාර්ග පිළිබඳ අවධානය යොමු කරන සමයක, ආයතනයක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවේ සංවර්ධනයට දෙපාර්තමේන්තු ක්‍රමයේ පවතින මන්දගාමි ක්‍රමවේද වලින් සිදුවන්නේ දැඩි බාධාවක්. ඒ හේතුවෙන් ආයතනයක් ලෙස ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දෙමින් ආදායම් උපදවන ආයතනයක් ලෙස කටයුතු කිරීමටටත් දෙපාර්තමේන්තුවක් ලෙස සංවර්ධනයට පවතින සීමාවන් මගහැරවීමට දුම්රිය අධිකාරියක් බවට පත්කළ යුතු බව මා විශ්වාස කරනවා.

    විශේෂයෙන්ම රාජ්‍ය අංශයට ප්‍රාග්ධනය යොදවමින් ආයෝජන සිදු කිරීමට නොහැකි පසුබිමක දේශීය හා විදේශීය ආයෝජන මගින් දුම්රිය දෙපාර්තමේන්තුව තුළින් රටට විශාල ආදායමක් උපයා දිය හැකි ක්‍රමවේද පවතිනවා. ඒ උදෙසා අලුත් අදහස් ක්‍රියාවට නංවමින් කටයුතු කිරීමටත් ඒ තුළින් ලෝකයට ම ආදර්ශවත් දුම්රිය ස්ථානයක් ලෙස වටිනා පණිවිඩයක් ලබා දිය හැකි දුම්රිය ස්ථානයක් බවට ඇල්ල දුම්රිය ස්ථානයපත් වනු ඇති බව මා විශ්වාස කරනවා.

    නව පහසුකම් විවෘත කිරීමෙන් අනතුරුව දුම්රිය ස්ථානය ආශ්‍රිත දුම්රිය දෙපාර්තමේන්තුව සතු රක්ෂිත ඉඩම් ඇතුළු වත්කම් පිළිබඳවද නිරීක්ෂණයක නිරත වූ අමාත්‍යවරයා විධිමත් ආයෝජන සැලසුමක් යටතේ එම වත්කම් ආයෝජනය කළ හැකි ක්‍රමවේදයන් පිළිබඳව  අවධානය යොමු කිරීමේ වැදගත්කම පිළිබඳව ද අවධාරණය කළේය.

    දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව් ඒ ඩී එස් ගුණසිංහ මහතා, නියෝජ්‍ය  සාමාන්‍යාධිකාරීවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya