නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව ලබන 25 සිට 28 දක්වා රැස්වේ

    අප්‍රේල් 22, 2023

    IMF විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සදහා වූ යෝජනා සම්මතය ලබන 26, 27 සහ 28 විවාදයට - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි

    ශ්‍රී ලංකාව සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සදහා වූ යෝජනා සම්මතය ලබන 26, 27 සහ 28තෙදින විවාදයට ගැනීමට (20) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.


    නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ.
    ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩිනම් ප්‍රගතියක් ලබා ගැනීම සඳහා සහ වර්තමාන සහ අනාගත පරම්පරාවට ප්‍රයෝජනවත් වන තිරසර ආර්ථික වර්ධනයක් සඳහා ශ්‍රී ලංකා රජය සහ
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළැඹි ඇ. ඩො. බිලියන 3ක පමණ මාස 48ක විස්තීරණ අරමුදල් පහසුකමට අදාළ සැකසුම 2023 මාර්තු 22 දින සභාගත කරන ලදී. එම සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලුම අනුමැතිය, මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට ලබාදිය යුතු යැයි මෙම යෝජනාවෙන් ඉදිරිපත් කෙරෙන අතර තෙදින විවාදයෙන් අනතුරුව අවශ්‍යනම් ඡන්ද විමසීමක් ද පැවැත්වීම සිදුවේ.


    පාර්ලිමේන්තුව ලබන 25 සිට 28 දක්වා රැස්වීමට නියමිත අතර මෙම සෑම දිනකම පෙ.ව 9.30 - පෙ.ව10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත. මේ අනුව අප්‍රේල් 25 වැනි අඟහරුවාදා පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත යටතේ 2023 ජනවාරි 30 දිනැති අංක 2317/28 ගැසට්
    පත්‍රයේ පළ කළ නියමය විවාදයට ගැනීමට නියමිතය.

    අනතුරුවප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා රජය විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවට අනුව විවාදය පැවැත්වීම සිදුවේ.

    අප්‍රේල් 26 වැනිදා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලින් අනතුරුව අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් 2023.04.17 දිනැති, අංක 2328/02 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියමය විවාද කිරීමකින් තොරව අනුමත කරගැනීමට මෙහිදී එකඟත්වය පළ වී ඇත. අනතුරුව ප.ව 5.00 දක්වා ශ්‍රී ලංකාව සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සදහා වූ යෝජනා සම්මතය විවාදයට ගැනීම සිදුවේ.

    ඉන්පසු රජයේ විවිධ ව්‍යවස්ථාපිත ආයතනවල වාර්ෂික වාර්තාවලට අදාළව ඉදිරිපත්කර තිබූ යෝජනා 13 ක් අනුමතිය සදහා ඉදිරිපත් කිරීමට ද මෙහිදී තීරණය වී තිබේ. තවද පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පත් වන කැලණිය බෞද්ධ කාන්තා පුණ්‍යායතන සමිතිය (සංස්ථාගත කිරීමේ) සහ ශ්‍රී ලංකා බදුකරණ කාර්යායතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වය දෙවනවර කියවීම සදහා ඉදිරිපත් කිරීමටද මෙහිදී එකගත්වය පළවී තිබේ.

    අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කර ඇත. අප්‍රේල් 27 සහ 28 දෙදින පෙ.ව 10.30 -ප.ව 5.00 දක්වා පිළිවෙලින් දෙවැනි හා තෙවැනි දිනටත්
    ශ්‍රී ලංකාව සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සදහා වූ යෝජනා සම්මතය විවාදයට ගැනීමට නියමිතය.
    අප්‍රේල් 27 වැනිදා ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා, විරුද්ධ පාර්ශ්වය විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවට අනුව විවාදය පැවැත්වේ.
    අප්‍රෙල් 28 වැනිදා පැවැත්වෙන විවාදයෙන් අනතුරුව දේශිය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයකින් තොරව අනුමත කරගැනීමට මෙහිදී එකඟත්වය පළව තිබේ. ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කර ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya