උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ,(20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති බෙල්ලන්විල බිතුසිතුවම් ඡායාරූපමය ග්‍රන්ථ ජනගත කිරීමේ උත්සවය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
සම්මානීත මහාචාර්ය සුනිල් ආරියරත්න, සම්මානචාරුලතා අබේසේකර, තෙවරාතන්ත්‍රී, ඩබ්ලිව් එම් කේ විජයබණ්ඩාර, ලාල් හෑගොඩ, සරත් පෙරේරා, සම්මානිත මහාචාර්ය සරත් චන්ද්‍රජීව යන මහත්ම මහත්මීන්ගේ දායකත්වයෙන් මෙම මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
මෙම කෘතිය ජනගත කරන අවස්ථාවේදී අපවත්වී වදාළ ගෞරවාර්හ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්වහන්සේ අනුස්මරණය කිරීම වෙනුවෙන් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් එළිදැක්වීමට නියමිත අතර මෙම අද්විතීය විහාර සිතුවමට ජීවය දුන් කලාශූරී සෝමබන්දු විද්‍යාපති නම් විශිෂ්ඨ කලාකරුවාණන්ගේ ජන්ම ශත සංවත්සර සැමරුමක්ද සිදුකෙරෙනු ඇත.