මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නානුඔය සහ රාගල අතර නව විදුලි දුම්රිය සේවාවක්

    අප්‍රේල් 21, 2023

    රටපුරා පිහිටි සංචාරක ආකර්ෂණය සහිත දුම්රිය ස්ථාන විධිමත් ලෙස සංවර්ධනය කරමින් ආයෝජන අවස්ථා සඳහා ඉඩ ප්‍රස්ථා විවර කර දීමට පියවර ගත යුතු බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    ඉහළ සංචාරක ආකර්ෂණයක් සහිත නානුඔය සිට නුවරළිය හරහා කඳපොල දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීම පිළිබඳ සොයා බැලීම සඳහා අද(21) නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍යවරයා මේ බව පැවසීය.

    රටපුරා පිහිටි සංචාරක ආකර්ෂණය සහිත දුම්රිය ස්ථාන විධිමත් ලෙස සංවර්ධනය කරමින් ආයෝජන අවස්ථා සඳහා ඉඩ ප්‍රස්ථා විවර කර දීමට පියවර ගත යුතු බව ප්‍රවාහන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.
    ඉහළ සංචාරක ආකර්ෂණයක් සහිත නානුඔය දුම්රිය ස්ථානය සිට නුවරඑළිය, කඳපොල හරහා රාගල දක්වා ඉංග්‍රීසි පාලන සමයේ පැවති දුම්රිය මාර්ගය යොදා ගනිමින් නව විදුලි දුම්රිය සේවාවක් ආරම්භ කිරීම පිළිබඳව නිරීක්ෂණයකට ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එක් විය.

     

    නානුඔය දුම්රිය ස්ථාන පරිශ්‍රයේ පිහිටි පැරණි දුම්රිය මාර්ගයේ ශේෂ පථය, නුවරඑළිය බ්ලැක් පූල් ප්‍රදේශය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය. නුවරඑළිය, ලංකා ගමනාගමන මණ්ඩලය ඩිපෝ පරිශ්‍රයේ පිහිටා ඇති පැරණි දුම්රිය ස්ථානයේ ශේෂ කොටස් මෙන්ම කඳපොල ප්‍රදේශයේ පිහිටා ඇති පැරණි දුම්රිය මාර්ගයේ ශේෂ කොටස් ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, සාම්ප්‍රදායික අදහස් වලින් මිදී, රට නව වෙනසකට යොමු කරමින් සංවර්ධනය උදෙසා ගමන් කිරීම අප සැමට පැවරෙන වගකීමක් බවයි.

    දුම්රිය දෙපාර්තමේන්තුව සතු වත්කම් වඩාත් ඵලදායි ලෙස ආයෝජනයන්හී යෙදවීම සඳහා දෙස් විදෙස් ආයෝජකයන් දිරිගැන්වීම මේ මොහොතේ ඉතාමත් වැදගත්. එහිදී ඉපැයුම් මාර්ග බවට පත් කර ගත හැකි දේපළ සහ වත්කම් විශාල ප්‍රමාණයක් දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතිනවා. විශේෂයෙන්ම දිවයින පුරා පිහිටි සංචාරක ආකර්ෂණය සහිත දුම්රිය ස්ථාන විධිමත් ලෙස සංවර්ධනය කරමින් ආයෝජන අවස්ථා සඳහා ඉඩ ප්‍රස්ථා විවර කර දීමට පියවර ගත යුතුයි. දෙස් විදෙස් සංචාරකයින්ගේ විශාල ආකර්ෂණයක් පවතින නානුඔය දුම්රිය ස්ථානය කේන්ද්‍ර කරගනිමින් බ්‍රිතාන්‍ය යුගයේ නිර්මාණය කෙරුණු රාගල දක්වා දුම්රිය මාර්ගය කුඩා විදුලි දුම්රිය ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීම සඳහා දේශිය හෝ විදේශීය ව්‍යවසායකයකු ට ඉඩ සලසා දීම , ප්‍රදේශයටත් රටටත් මේ මොහොතේ ඉතාමත් වටිනා ආයෝජනයක් බවට පත්වනු ඇති.
    එහිදී ලෝකයේ ඉහළම ස්ථානවල පිහිටි දුම්රිය ස්ථාන හය අතරින් එකක් ලෙස සැලකුණු කඳපොල දුම්රිය ස්ථානය විදේශීය සහ දේශීය සංචාරකයන්ගේ වැඩි අවධානයක් දිනා ගත හැකි ගමනාන්තයක් බවට පත් කිරීම ද මෙම ව්‍යාපෘතියේ අරමුණක්‌.

    මෙහිදී ප්‍රදේශයේ ජනතාව සහ සංචාරකයින් සමග ද අදහස් හුවමාරු කරගත් අමාත්‍යවරයා ඔවුන්ගෙන් කෙරුණු ඉල්ලීමක් ද සැලකිල්ලට ගනිමින් උදෑසන නානුඔයසිට කොළඹ දක්වා ගමන් ගන්නා දුම්රිය මගීන්ට නුවරඑළිය නගරයයේ සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීම ලංකා ගමනාගමන මණ්ඩලයේ නුවරඑළිය ඩිපෝව මඟින් විශේෂ බස් රථයක් එම වෙලාවට යෙදවීම සඳහා ඩිපෝ අධිකාරිවරයා වෙත උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව එළැඹෙනමැයි දෙවැනිදා සිට පෙරවරු 5.15ට මෙම බස් රථය නුවරඑළිය නගරයේ සිට 9 දක්වා ධාවනයට එක් කෙරෙනු ඇති.

     

    හිටපු අමාත්‍ය, නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී බී රත්නායක මැතිතුමා, දුම්රිය සාමාන්‍යධිකාරී ඩබ්ලිව් ඒ ඩී එස් ගුණසිංහ මහතාඇතුළු නිලධාරීන්, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන වල නිලධාරීන් ද මෙම නිරීක්ෂණය සඳහා එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya