මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිකරණ අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය අතර හමුවක්

    අප්‍රේල් 21, 2023

     

    වත්මන් රජය ජනතාවගේ ආරක්ෂාව ආර්ථික තත්වය නගා සිටුවීම වෙනුවෙන් ගෙන ඇති වැඩපිළිවෙල අගය කරන බවශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් ( Julie j. Chung) මහත්මිය පවසයි.

    ආර්ථික අර්බුදවලට මුහුණ දුන් ලෝකයේ සෙසු රටවල් සම්බන්ධයෙන් සළකා බැලීමේදී මෙතරම් කෙටි කාලයක් තුළ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට හැකිවීම සම්බන්ධයෙන් සිය සතුට ප්‍රකාශ කරන බවද ඇය සඳහන් කළාය‍. එම මහත්මිය මේ බව පැවසුවේ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ ( 20) අධිකරණ අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදීය.

    රජය , පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත සහ මේ වන විට ශ්‍රී ලංකාව අත් කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය ඇතුලු කරුණු සම්බන්ධයෙන් එහිදී අධිකරණ අමාත්‍යවරයා ඇමරිකානු තානාපතිනිය දැනුවත් කළේය. දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ගෙන ඒමේ රජයේ අරමුණු වුයේ රටේ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම බවත්, මානව හිම්කම් කඩවීමට ඇති අවස්ථාවන් නව ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මගින් අවම කර ඇති බවත්, අධිකරණ අමාත්‍යවරයා එහිදී පැවසීය.මේ අතර අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ , ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් එස්.ඊ. ස්චල්ක් (S.E.Schalk) මහතා අතර හමුවක් ද අධිකරණ අමාත්‍යාංශයේදී එදිනම පෙරවරුවේ පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya