මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාලු කථිකාව 2023 සාගරික සම්මන්ත්‍රණයේ නිල වෙබ් අඩවිය එළිදැක්වේ

    අප්‍රේල් 21, 2023

     2023 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයේ නිල වෙබ් අඩවිය අද (21) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් එළිදක්වන ලදී.

     'Emerging New Order in the Indian Ocean' යන තේමාව පෙරදැරිව ශ්‍රීලංකා නාවික හමුදාව විසින් 11 වන වරටත් සංවිධානය කරනු ලබන 2023 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය, 2023 ඔක්තෝබර් මස 12 සහ 13 යන දෙදින තුළ ගාල්ල, ජෙට්වින් ලයිට්හවුස් හෝටලයේදී (Jetwing Lighthouse Hotel - Galle) පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. එහි නිල වෙබ් අඩවිය නාවික හමුදාපතිවරයා විසින් අද දින එළිදැක්වූ අතර 'galledialogue.lk' යන අන්තර්ජාල ලිපිනය ඔස්සේ මෙම වෙබ් අඩවිය වෙත පිවිසිය හැක. මෙම වෙබ් අඩබියෙන් 2023 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය පිළිබඳ සියළුම විස්තරයන් සැකෙවින් දැන ගැනීමේ අවස්ථාව උදා කර දී ඇත.

    මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, අධ්‍යක්‍ෂ නාවික ‍තොරතුරු තාක්ෂණ කොමදෝරු චමින්ද රණවීර ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya