මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උෂ්ණත්වය ඉහල යා හැකි බැවින් අවධානයෙන් පසුවන්න

    අප්‍රේල් 21, 2023

    අද(21) දිනයේ දිස්ත්‍රික්ක කිහිපයක උෂ්ණත්වය ඉහල යා හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන්නැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලයි.

    කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ බස්නාහිර, වයඹ, උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල හා මොණරාගල, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර දක්වා ඉහළ යා හැකි බවයි. ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, බදුල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්කවල හෙට දිනයේ සාමාන්‍ය උෂ්ණත්වයක් අපේක්ෂා කරන බව එම නිවේදනයේ සඳහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya