මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුරෝපා සංගමයෙන් රුපියල් මිලියන 15,000ක යූරියා පොහොර සහ කෘෂි උපකරණ කට්ටල ලබා දීම හෙට

    අප්‍රේල් 21, 2023

     
    යල කන්නයේ දී ගොවි ජනතාවට ලබා දෙන රුපියල් මිලියන 15,000ක යූරියා පොහොර හා කෘෂි උකරණ කට්ටල රැසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට නිල වශයෙන් බාර දීම හෙට (22) සිදු කෙරේ.

     යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය හෙට දින මෙම පොහොර සහ කෘෂි උපකරණ කට්ටල කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලබා දීමට නියමිතය.මේ යටතේ වී වගාවෙන් වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහා හඳුන්වා දී ඇති පැරචුට් වී වගා ක්‍රමය ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය පැරචුට් තැටි, හා වැඩි අස්වැන්නක් ලබා ගැනීමට උසස් තත්ත්වයේ බීජ වී ගොවි ජනතාවට ලබා දීමට යුරෝපා සංගමය සහයෝගය පළ කර තිබීම මෙන්ම එම උපකරණ ලබා දීම ඉතා වැදගත් කටයුත්තක් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. මීට අමතරව පොළොන්නරුව, හම්බන්තොට, බදුල්ල, අම්පාර, මාතලේ, පුත්තලම හා කුරුණෑගල ඇතුලු දිස්ත්‍රික්ක 07ක හෙක්ටයාර් බාගයකට වඩා අඩු ඉඩම් ප්‍රමාණයක වී වගා කරන ගොවි පවුල් 71,000කට නොමිලයේ කිලෝ ග්‍රෑම් 50ක යුරියා පොහොර මිටියක් බැගින් ලබා දීම ද සිදු කෙරේ.උසස් තත්ත්වයේ බීජ වී සැකසීමේ නව තාක්ෂණික ක්‍රම හා ඒවාට අවශ්‍ය උපාංග ලබා දීමටද නියමිතය.

    මෙම උත්සවය හෙට හම්බන්තොට බටඅත කෘෂිකර්ම උද්‍යානයේ දී සිදු කිරීමට නියමිත අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍යාංශයේ ලේකම් ගුනදාස සමරසිංහ, යුරෝපා සංගමයේ මෙරට තානාපති Dennis Chaibi, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙරට නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් සහභාගී වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya