මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "බෙල්ලන්විල බිතුසිතුවම් ඡායාරූපමය ග්‍රන්ථය 28 වනදා ජනගත කෙරේ"

    අප්‍රේල් 20, 2023

    බෙල්ලන්විල ඓතිහාසික විහාරස්ථානයේ බිතුසිතුවම් ඇතුළත් ඡායාරූපමය ග්‍රන්ථය මුද්‍රණය කර ජනගත කිරීමේ උත්සවය එළඹෙන අප්‍රේල් 28 දින පැවැත්වෙන බව බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමි පැවසුවේය.

    උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති බෙල්ලන්විල බිතුසිතුවම් ඡායාරූපමය ග්‍රන්ථ ජනගත කිරීමේ උත්සවය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. ප්‍රධාන විහාරය තුළ කරන ලද බිතු සිතුවම් මුල් කරගනිමින් Visual Poetry of Bellanwila නමින් මෙම ග්‍රන්ථය එළිදැක්වේ.උත්සවය එළඹෙන අප්‍රෙල් 28 , සවස 3.00ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. සම්මානීත මහාචාර්ය සුනිල් ආරියරත්න, සම්මානචාරුලතා අබේසේකර, තෙවරාතන්ත්‍රී, ඩබ්ලිව් එම් කේ විජයබණ්ඩාර, ලාල් හෑගොඩ, සරත් පෙරේරා, සම්මානිත මහාචාර්ය සරත් චන්ද්‍රජීව යන මහත්ම මහත්මීන්ගේ දායකත්වයෙන් මෙම මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙම කෘතිය ජනගත කරන අවස්ථාවේදී අපවත්වී වදාළ ගෞරවාර්හ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්වහන්සේ අනුස්මරණය කිරීම වෙනුවෙන් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් එළිදැක්වීමට නියමිත අතර මෙම අද්විතීය විහාර සිතුවමට ජීවය දුන් කලාශූරී සෝමබන්දු විද්‍යාපති නම් විශිෂ්ඨ කලාකරුවාණන්ගේ ජන්ම ශත සංවත්සර සැමරුමක්ද සිදුකෙරෙනු ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya