මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැකතට පැළ සිටුවීමේ වැඩසටහන අද අගුනකොළපැලැස්සේදී

    අප්‍රේල් 20, 2023

    2023 සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයේ අවසන් නැකැත් චාරිත්‍රය වන පැළ සිටුවීමේ ජාතික උත්සවය අද (20) අගුනකොලපැලැස්ස ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී පැවැත්විනි.

    අද පෙරවරු 6.38ට යෙදුනු පැළ සිටුවීමේ නැකැතට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දෙහි පැළයක් රෝපණය කළ අතර ඊට සමගාමීව අමාත්‍යාංශයේ ලේකම් ගුනදාස සමරසිංහ, ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් එච්. එම්. ඒ. එල්. අබේරත්න මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් පලතුරු පැළ රෝපණය කරන ලදී.නැකතට පැළයක්- පලයක් දෙන දෙන පැළයක් සිටුවමු යන තේමාව යටතේ මෙවර ජාතික පැළ සිටුවීමේ නැකත සැමරීමට කෘෂිකර්ම අමාත්‍යංශය කටයුතු යොදා තිබිනි. පැළ රෝපණය කිරීමට අමතරව රැස්වූ ජනතාවට පැළ බෙදාදීම ද අමාත්‍යවරයා අතින් සිදුවූ අතර කොමර්ෂල් සමාගම හා ලක් පොහොර සමාගම විසින් පලතුරු පැළ සඳහා අවශ්‍ය මිශ්‍ර පොහොර ද ගොවීන් අතර බෙදා හැරීමට කටයුතු කර තිබේ.‍

    එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ වනගහනය 2030 වනවිට සියයට 30 දක්වා ඉහළ නැංවීම සඳහා ජාත්‍යන්තර සම්මුති සමග එකගතාවයකට පැමිණ තිබෙන බවත් දැනට රටේ වනගහනය සියයට 29.2ක් බවත් මෙම ප්‍රමාණය සියයට 30 දක්වා ගෙන ඒමට වනාන්තර ප්‍රමාණය තවත් දශම 08කින් ඉහළ නැංවිය යුතු බවයි. මෙය පහසු ඉලක්කයක් බව පෙනී ගියද රටේ වන ගහනය දශම 08කින් ඉහළ නැංවීමට හෙක්ටෙයාර් 65,000ක වනාන්තර වගා කළ යුතු බවත් එය පහසු කටයුත්තක් නාවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් පරිසරය සුරැකීම මෙන්ම රටට අවශ්‍ය ආහාර බෝග වගාවටත් ප්‍රමුඛත්වය ලබා දිය යුතු බැවින් මෙවර පැළ සිටුවීමේ ජාතික නැකැත් චාරිත්‍රය අනුව බහුවාර්ෂික බෝගයක් වශයෙන් පලතුරු පැළ රෝපණය කිරීමට පියවර ගත් බවද හෙතෙම පැවසීය.පසුගිය මහ කන්නයේ මෙතෙක් රටේ වැඩිම වී අස්වැන්නක් අම්බලන්තොට රිදියගම ප්‍රදේශයේ ගොවීන් සිව්දෙනෙක් වාර්තා කර තිබෙන බව පැවසූ අමාත්‍යවරයා ඉන් තිදෙනෙක් හෙක්ටෙයාර් එකකට වී කිලෝග්‍රෑම් 11,000කට වැඩි ප්‍රමාණයකුත්, එක් ගොවියෙක් වී කිලෝ ග්‍රෑම් 9000කට අධික ප්‍රමාණයකුත් අස්වනු ලබා ඇති බවත් පෙන්වා දුන්නේය. මේ ආකාරයට රටේ සෑම ගොවියෙක්ම වැඩි අස්වැන්නක් ලබා ගැනීමට නම් හොඳ බීජ වී, නිසි කළට පොහොර යෙදීම හා තාක්ෂණික ක්‍රම යොදා ගත යුතු බවත් ආහාර බෝග වගාව ඉහළ නැංවීමට ගොවීන්ට ලබා දෙන සහන ප්‍රමාණය ඉහළ නැංවීමට රජය මේ වන විට අවශ්‍ය පියවර ගෙන තිබෙන බවත් කුමන බාධක හා විවේචන එල්ල වුවද කෘෂිකර්මාන්තය ඉහළ නැංවීමේ ‌ වැඩ පිළිවෙල ඉදිරියට ගෙනයන බවද අමාත්‍යවරයා වැඩිදුරයත් සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya