මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2025ට පෙර පළාත් පාලන ආයතන 204ක් ආවරණය කරමින් සංවර්ධන සැලසුම් 172ක් නිම කිරීමට පියවර

    අප්‍රේල් 20, 2023

     මෙම වසරේදී සංවර්ධන සැලසුම් 21ක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි...

     2021 -2022 දෙවසර තුළදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංවර්ධන සැලසුම් 32ක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ... - නාගරික සංවර්ධන අධිකාරිය 


    2025 වසරට පෙර පළාත් පාලන ආයතන 204ක් ආවරණය කරමින් සංවර්ධන සැලසුම් 172ක් නිම කිරීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

    නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ මෙම වසර තුළ සංවර්ධන සැලසුම් 21ක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.
    කුරුවිට සංවර්ධන සැලසුම් පසුගිය මාර්තු මාසයේදී ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. එමෙන්ම පැල්මඩුල්ල/කහවත්ත සංවර්ධන සැලසුම් ඉදිරි සතියේදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද නාගරික සංවර්ධන අධිකාරය සඳහන් කරයි.
    මීට අමතරව රඹුක්කන, කුලියාපිටිය, තලාව, කැකිරාව, වැලිමඩ, බණ්ඩාරවෙල, වැල්ලවාය, නාවලපිටිය, කුණ්ඩසාලේ, ගම්පොළ, වව්නියාව, කිලිනොච්චි, අම්බලන්ගොඩ, ග්‍රේට මාතර, කටාන -සීදූව, ජා ඇල, වත්තල - මාබෝල, ගම්පහ, මහර සංවර්ධන සැලසුම් මෙම වසරේදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත. එමෙන්ම මෙම වසර අවසානයට පෙර නුවරඑළිය හා ආරුගම්බේ සංවර්ධන සැලසුම්ද ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට හැකිවනු ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය විශ්වාසය පළ කරයි. මේ වනවිටත් එහි කටයුතු ආරම්භ කර තිබේ.
    2021 -2022 දෙවසර තුළදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංවර්ධන සැලසුම් 32ක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. ඉකුත් වසරේදී පමණක් සංවර්ධන සැලසුම් 9ක්
    ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. 
    කන්තලේ,දෙහිවල-ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මහරගම, හෝමාගම,කැස්බෑව, ග්‍රේට නුවරඑළිය, ග්‍රේට දඹුල්ල, කොළඹ සංවර්ධන සැලසුම පසුගිය වසරේදී ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ සංවර්ධන සැලසුම් වේ. විෂය භාර අමාත්‍යවරයා විසින් නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලබන ඕනෑම ප්‍රදේශයක් සදහා සංවර්ධන සැලැස්මක් සකස් කර එය ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය බැඳී සිටී. ඒ 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනත මගිනි.නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන
    අධිකාරියට උපදෙස් දී තිබෙන්නේ සැබෑ සංවර්ධන අවශ්‍යතාවයන් හදුනාගැනීම සදහා වඩාත් ප්‍රතිඵලදායක සංවර්ධන සැලසුම් කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි. එමෙන්ම සංවර්ධන සැලසුම් සම්බන්ධයෙන් වන ගැටළු කඩිනමින් විසඳාගන්නා ලෙසත් එසේ නොමැති වුවහොත් සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද විය හැකි බවද අමාත්‍යවරයා අවධාරණය කර ඇත.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya