මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට නාගරීකරණය සියයට 45ක් දක්වා වර්ධනයක්

    අප්‍රේල් 21, 2023

     කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රදේශ නාගරීකරණය වෙලා...
     දිවයිනේ අනෙකුත් ප්‍රදේශද සීඝ්‍ර‍යෙන් නාගරීකරණය වේ - ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව

    අඩු මට්ටමක පැවති මෙරට නාගරීකරණය 2012 -2022 දස අවුරුදු කාලය තුළ 45% ක් දක්වා වර්ධනය වී ඇති බව නවතම සමීක්ෂණයකින් හෙලිවී තිබේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් මෙම සමීක්ෂණය සිදුකර ඇත.

    ඒ අනුව නගර හා ග්‍රාම නිර්මාණ පනත අනුව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම සමීක්ෂණය සිදුකළ බව එහි අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී හේවගේ මහතා පවසයි.
    ශ්‍රී ලංකාවේ නාගරීකරණය සම්බන්ධයෙන් අවසාන වරට සමීක්ෂණයක් සිදුව තිබෙන්නේ 2012 වසරේදීය. එම සමීක්ෂණයට අනුව මෙරට නාගරීකරණය 18% කි.
    ජනගහණ ඝණත්වය, නිවාස, කිලෝමීටර 10ක් ඇතුළත පිහිටා ඇති සුපිරි වෙළඳසැල්, සුපිරි ඇඳුම් වෙළඳසැල්, ඉන්ධන හල්, බැංකු, පුද්ගලික පාසල් හා පුද්ගලික රෝහල්, කිසියම් ප්‍රදේශීය සභාවක ග්‍රාම නිළධාරී වසමක් තුළ පිහිටා ඇති තට්ටු නිවාස සංඛ්‍යාව, කුලී සහ බදු පදනම මත ලබාදී ඇති නිවාස, පළාත් පාලන ආයතන විසින් එකතු කරනු ලබන අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කිරීම, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක කෘෂිකර්ම අංශයේ නොවන රැකියා කරන පිරිස කොපමණද වැනි නිර්ණායක මත පදනම්ව කිසියම් ප්‍රදේශයක නාගරීකරණය මැන බලයි.

    ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ දැනට ක්‍රියාත්මක හෝමාගම හා කොලොන්නාව ප්‍රාදේශීය සභා දෙක සහ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය සභාවන්ද සීඝ්‍රයෙන් නාගරීකරණය වී ඇති බව මෙම සමීක්ෂණයෙන් අනාවරණය වූ බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී හේවගේ මහතා පවසයි.

    එමෙන්ම දිවයිනේ අනෙකුත් ප්‍රදේශ ද සීඝ්‍රයෙන් නාගරීකරණය වෙමින් පවතී. සමීක්ෂණයේ ප්‍රතිඵලය අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරියේදී කැබිනට් පත්‍රිකාවක් මගින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. අමාත්‍ය මණ්ඩලයේ තීන්දුව මත ඉදිරි කටයුතු සිදුකරන බවද ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී හේවගේ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

    රටක සමාජ ආර්ථික සංවර්ධනය මැන බලන්නේ නාගරීකරණය තුලිනි. 2012 වසරට පෙර මෙරට නාගරීකරණයේ මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කළේය. නමුත් 2010 දශකය ආරම්භ වීමත් සමඟ විදුලිය,ගමනාගමනය,සන්නිවේදනය,සෞඛ්‍ය කටයුතු හා අධ්‍යාපන ක්‍ෂේත්‍රවල වර්ධනය මෙන්ම කර්මාන්ත වෙළඳම් වැනි ක්‍ෂේත්‍ර පුළුල් වීම සමග මෙරට නාගරීකරණය වේගවත් වී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya