මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඕනෑම පුරවැසියෙකුට රාජ්‍ය ආයතන වලින් සිංහල හෝ දමිළ භාෂා වලින් සේවා විමසිය හැකියි

    අප්‍රේල් 20, 2023

    ඕනෑම පුරවැසියෙකුට රාජ්‍ය ආයතන වලින් සිංහල හෝ දමිළ භාෂා වලින් සේවා විමසිය හැකියි - රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම් අනුරාධ විජේකෝන් 

    සිංහල සහ දමිළ භාෂා දෙක රාජ්‍ය භාෂා වශයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශයට පත්කර ඇතැයිද, යම් පුරවැසියෙකුට මෙරට රාජ්‍ය ආයතනයකින් තමන්ට අවශ්‍ය සේවාවක් ලබාගන්නා අවස්ථාවකදී ඔහු හෝ ඇය කැමති සිංහල හෝ දමිළ භාෂා වලින් සේවා ලබාගැනීමට ඉල්ලා සිටිය හැකි අතර එම අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති බවද රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම් අනුරාධ විජේකෝන් මහතා පැවසුවේය.

    ඔහු මේ බව කියා සිටියේ (19) රජය් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම උදෙසා ගෙන ඇති ක්‍රියාමාර්ග හා පියවර යන මැයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    ජාතික භාෂා වශයෙන්ද සිංහල සහ දමිළ භාෂා දෙක සැලකෙන බවද රටක් වශයෙන් සමස්ථයක් ලෙස රාජ්‍ය අංශය පමණක් නොව වෙනත් ඕනෑම කාර්යයකදී සිංහල භාෂාවත් දෙමළ භාෂාවත් ප්‍රධාන භාෂා 02 වන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

    රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය යටතේ රාජ්‍ය භාෂා විෂය පිළිබද කටයුතු කරන වෙනම අංශයක් ඇතැයිද, රටේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ව්‍යවස්ථාවට ඇතුලත් කර එයට දිය යුතු උපරිම වැදගත්කම ලබාදීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ප්‍රතිපාදන සලසා ඇතැයිද අතිරේක ලේකම් අනුරාධ විජේකෝන් මහතා සදහන් කළේය.

    රාජ්‍ය භාෂා කොමිෂන් සභාව, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සහ ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය යන ආයතන 03 රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සේවා ලබාගැනීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇති බවද අවධාරණය කළේය.

    රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම උදෙසා ගෙන ඇති ක්‍රියාමාර්ග යටතේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කාර්ය භාර්යය පැහැදිලි කළ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රින්ස් සේනාධීර මහතා කියා සිටියේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යය රජයේ නිල පරිවර්තකයා වශයන් ක්‍රියා කිරීම බවයි. භාෂාව සම්බන්ධයෙන් වන රාජ්‍ය භාෂා ප්‍රවීණතා විභාග පැවැත්වීම, භාෂාවේ උන්නතිය සහ රටෙහි රාජ්‍ය භාෂාව ප්‍රවර්ධනය වෙනුවෙන් භාෂාවට අදාල ප්‍රකාශන ජනතාව අතරට ගෙනයාමද ත්‍රිභාෂා ශබ්ද කෝෂ නිකුත් කිරීම මෙන්ම ලෝක ප්‍රසිද්ධ නවකතා ආදී සාහිත්‍ය පරිවර්තනන්ද මේ වන විට රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවෙන් සිදුකරන බවද ඔහු අවධාරණය කළේය.

    මෙම අවස්ථාවට සහභාගී වූ රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපති නීතීඥ ඩී කලංසූරිය මහතා සදහන් කළේ රටේ දැනට ක්‍රියාත්මක වන රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය කොයිතරම් දුරට රාජ්‍ය භාෂා අයිතීන් සුරකිමින් කියාත්මක වනවාද එම අයිතීන් උල්ලංඝණය වනවාද එලෙස උල්ලංඝණය වීමේදී රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ කාර්යභාරය කුමක්ද යන්න විමසා බැලීම සිය ආයතනයෙහි ප්‍රධාන අරමුණ බවද සදහන් කළේය.

    ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය පාර්ලිමේන්තු පනතකින් ව්‍යවස්ථාපිත කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එන භාෂා අයිතිය ආරක්ෂා කිරීම සදහා භාෂා අධ්‍යාපන පහසුකම ලබාදීමට බව ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රසාද් හේරත් මහතා පැවසුවේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya