මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව පමා වීම - අන්තවාදී දේශපාලන වුවමනාවන් සඳහා ගොදුරු කර ගැනීමේ ප්‍රයත්නයක්

    අප්‍රේල් 19, 2023

    උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව පමාවෙන් තරුණයින් අසහනයට පත් කර එම අසහනයට පත් තරුණයින්, අන්තවාදී දේශපාලන වුවමනාවන් සඳහා ගොදුරු කර ගැනීමේ ප්‍රයත්නයක්.බුද්ධි අංශ වාර්තා ඇසුරින් අධ්‍යාපන ඇමති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පුහුණු කර විදෙස්ගත කිරීමට වෘත්තීය පුහුණු අධිකාරිය, විදේශ රැකියා නියුක්ති කාර්යංශය සමග අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

    උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව පමා වීම නිසා අවුරුදු 18-20 වයස් සීමාවේ පසු වන තරුණයන් දැඩි අසහනයකට පත් වන බවත් එම තරුණ අසහනයෙන් අනිසි ප්‍රයෝජන ගනිමින් පටු දේශපාලන වුවමනාවන් සපුරා ගැනීමට අන්තවාදී පටු දේශපාලනික කොටස් උත්සහ දරන බවත් පසුගිය සතියේ දී බුද්ධි අංශ වාර්තා මගින් හෙළි වූ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා ගුරුවරුන්ගේ එකඟතාව පළ වී ඇති අතර ප්‍රායෝගික පරීක්ෂණ කල් තියා ම පවත්වමින් සිදු විය හැකි ප්‍රමාදයන් හැකි තාක් වලක්වා ගැනීමට මේ වන විට ක්‍රියා කරමින් සිටින බවයි. එසේ ම තවදුරටත් වෘත්තීය ක්‍රියාමාර්ගවල නියැලී සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ,මෙම විභාගයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දරුවන් ද පෙනී සිට ඇති බැවින් ඔවුන් ගැන මෙන්ම අනෙකුත් සියලු දරුවන් ගැන ද සිතා උත්තර පත්‍ර පරීක්ෂාවට එක් වන ලෙසයි.

    එමෙන් ම අතිශය රහස්‍යභාවයෙන් යුතු ව ඉතා වග වීමෙන් සිදු කළ යුතු උත්තර පත්‍ර පරීක්ෂාව, ක්ෂණික විකල්ප රහිත භාරදූර වගකීමක් බවත් පෞද්ගලික වාසි අවාසි නොතකා පොදු ජාතික අවශ්‍යතාවක් සේ සලකා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එම සේවය සැලසීමට කඩිනමින් එක් වනු ඇතැයි පක්ෂ විපක්ෂ භේදයකින් තොර ව සමස්ත සමාජය ම අපේක්ෂා කරන බවත් අමාත්‍යාංශ මට්ටමින් ඊට හැකි සෑම සහායක් ම සලසන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ රට මුහුණ පා සිටින වත්මන් ආර්ථික අභියෝග ජයගැනීමේ තීරණාත්මක සන්ධිස්ථානයක් පසු කරමින් ඉදිරියේ දී විදෙස්ගත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පුහුණු ශ්‍රමිකයන් ලෙස පුහුණු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ වෘත්තීය පුහුණු අධිකාරිය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග අවබෝධතා ගිවිසුමකට එළඹීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

    ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ස්ථාපිත වෘත්තීය පුහුණු අධිකාරිය හා ඒ යටතේ දෙසීය ඉක්මවා ඇති දීපව්‍යාප්ත ආයතන මෙන් ම ඒ හා අනුබද්ධිත සහතිකලත් ආයතන මාර්ගයෙනුත් මෙම වෘත්තීය පුහුණු අවස්ථා සලසා දිය හැකි බවත් ඊට අවශ්‍ය යටිතල හා උපදේශක පහසුකම් වෘත්තීය පුහුණු අධිකාරිය සතු බවත් අමාත්‍යාවරයා මෙහි දී සඳහන් කළේ ය.

    වෘත්තීය පුහුණු අධිකාරිය සතු නවීන භාෂාගාරය මගින් භාෂා පහක් ඉගැන්වීමේ පහසුකම් ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.

    එමෙන් ම ඉදිරියේ දී නිර්මාණය වෙමින් පවතින විදෙස් රැකියා ඉලක්ක කර පුහුණු ශ්‍රමිකයන් බිහි කිරීම සඳහා වර්තමානයේ දී වඩාත් ශක්තිමත් අඩිතාලමක් දමමින් අවශ්‍ය පසුබිම සකසන බවත් ඒ අනුව 2030 වර්ෂයේ දී සවුදි අරාබියේ ඩොලර් බිලියන 500ක ආයෝජනයකින් ඉදි වන නව නගරයේ රැකියා අවස්ථා සඳහා මෙරට පුහුණු ශ්‍රමිකයන් යැවීමට අදාළ ද්වීපාර්ශ්වික ගිවිසුම්වලට මේ වන විටත් එළඹ ඇති බවත් අමාත්‍යවරයා පැවසී ය.

    මෙලෙස ශ්‍රමිකයන් පුහුණු වී විදෙස්ගත වීම හරහා ලාංකික ශ්‍රමිකයන්ගේ ඉහළ රැකියා තෘප්තිය මෙන් ම මෙරටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණයේ සංඛ්‍යාත්මක හා ගුණාත්මක අගය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. මෙම අවස්ථාවට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ද එක් විය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya