මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අප්‍රේල් 20න් පසු මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට ගාලු මුවදොර පිටිය විවෘතයි

    අප්‍රේල් 18, 2023

    එළඹෙන අප්‍රේල් 20න් පසු මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට සහ සුවිශේෂී ආගමික කටයුතු සඳහා පමණක් ගාලු මුවදොර පිටිය වෙන්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක,අමාත්‍ය ආචාර්ය බනුදුල ගුණවර්ධන මහතා පැවසීය.

    අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තිමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ බන්දුල් ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ;මහජනතාවට බියෙන් සහ සැකයෙන් තොරව නිදහසේ හුස්ම ගන්නා ස්ථානයක් බවට ගාලුමුවදොර පැවතුණා. එහෙත් පසුගිය සමයේ සිදු වූ සංගීත සංදර්ශන,අරගල නිසා ගාලුමුවදොර පිටියට විශාල වශයෙන් හානි වී තිබෙනවා. මේ හේතුව නිසා සමාජ වගකීම් ව්‍යාපෘතියක් වශයෙන් ගාලු මුවදොර පිටිය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් භාරගෙන තිබෙනවා.එම අධිකාරිය විසින් රුපියල් මිලියන 220ක් පමණ ඒ සඳහා වැය කිරීමට නියමිතයි..

    පසුගිය අරගල කාලසීමාව තුළ දී එම ප්‍රදේශයේ සිදුව තිබූ දේපළ හානිය අලුත්වැඩියා කටයුතු සඳහා පමණක් රුපියල් මිලියන 6.6ක් වැය කර තිබේ.

    ඒ අනුව අප්‍රේල් 20න් පසුව මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට හා සුවිශේෂී ආගමික කටයුතු සඳහා පමණක් ගාලු මුවදොර පිටිය ලබාදීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනුව ගාලු මුවදොර පිටියේ සුන්දරත්වයට හානි වන හෝ හානි කළ හැකි සංගීත සංදර්ශන දේශපාලන රැස්වීම් හෝ වෙනත් කටයුතු සඳහා මින් ඉදිරියට එම භූමියේ පැවැත්වීමට අවසර හිමි නොවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya