මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනය සමග රිලවුන් සම්බන්ධයෙන් කිසිදු ගනුදෙනුවක් සාකච්ඡා කර නෑ- කැබිනට් ප්‍රකාශක

    අප්‍රේල් 18, 2023

    මෙරට රජය චීනය සමග කිසිදු රිලවුන් සම්බන්ධයෙන් ගනුදෙනුවක් සාකච්ඡා කර නැතැයි කැබිනට් ප්‍රකාශක,ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තිමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසීය.

    මේ දිනවල සමාජමාධ්‍යයන්හි වැඩිවශයෙන් සාකච්ඡා කෙරෙන , රිලවුන් දහසක් චීනයට යවන බවට කෙරෙන ප්‍රචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    කෘෂිකර්ම අමාත්‍යවරයාට චීනයේ පුද්ගලික සමාගමක් විසින් සත්ව උද්‍යාන දහසක් සඳහා අවශ්‍ය රිලවුන් ලබා ගැනීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා වනජීවී සහ වනරක්ෂණ, පරිසර අමාත්‍යංශ සමග සාකච්ඡා කරමින් එවැනි වෙළෙඳ ගනුදෙනුවක් සිදු කිරීමට හැකිදැයි යන්න පිළිබඳව අධ්‍යනය කරමින් සිටින බව ඊයේ කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව හෙතෙම සඳහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ;

    අපටත් වඩා දැඩි නීති පද්ධතියක් චීන රජයේ තිබෙනවා.කිසිදු රජයක් මෙලෙස ජීවී සතුන් මස් පිණිස යැවීම සඳහා අනුමැතියක් ලබා දෙන්නේ නැහැ. ආණ්ඩු අතර එවැනි කිසිදු සාකච්ඡාවක් සිදු වී නැහැ. පුද්ගලික සාමාගමක් විසින් එවැනි යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya